කලා

කූඹියෝ විශේෂ කතාංගය – කොරෝනා වෙනුවෙන්මයි

ඇත්තටම නිරෝධායනය කියන්නේ නිවාස අඩස්සියට පත් කරනවා වගේ දෙයක්. ඔබ නිවස තුල සිටිය යුතු අතර ඔබට එළියට යා හැක්කේ යම් බලධාරියෙකුගේ අවසරය මත පමණයි.

මෙය ඇත්තටම කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය සදහා යොදා ගන්නා අතර නිරෝධායනය කරන කාලය දින 14 කි.

සමහර රටවල ප්‍රාන්ත පිටින් නිරෝධායනය කර ඇති අතර ලංකාවේද ගම් කිහිපයක්ම වසා දමා දැනටත් නිරෝධායනය සිදු කරයි.

මෙසේ නිරෝධායන වෙන විට ඔබේ සාමාන්‍ය ජිවිතය බිද වැටෙන අතර අවශ්‍ය අහාර පාන රාජ්‍ය යාන්ත්‍රනය විසින් නිවාස අසලටම ගෙනැවිත් දෙනු ලබයි.

නමුත් ඉදිරියේදි මෙම වෛරසය රටපුරා පැතිර යමින් ජාතික ව්‍යසනයක් තත්වයට පත් වුවහොත් අප රට තුලද ප්‍රදේශ පිටින් නිරෝධායනයට ලක් කිරීමටද සිදු වෙයි. ඒ සමස්ත රටවසියාගේම ආරක්ෂාව පිලිබඳ සැලකිය යුතු නිසාය. එවන් තත්වයකට ඉඩ නොතබා ඔබගේ නිවසින්ම, ඔබගේ විදියෙන්ම, ඔබගේ ගමෙන්ම පාලනය කර ගනිමු.

කලයුත්තේ සිහි බුද්ධියෙන් යුතුව පොදු ජනයා ගැවසෙන ස්ථාන වලින් ඈත් වී හොඳ සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button