දේශීය

“රජය ඔබට දැන් සතුටුද? ඇය ඔබෙන් ඉල්ලා සිටීයේ ගී ගැයීමට පමණි”

මිය යනවිට 28 හැවිරිදි හෙලෙන් බොලොක් තුර්කියේ තහනමි කරන ලද Grup Yorum, නැමති ජනප්‍රිය සංගීත කණ්ඩායමෙි සාමාජිකාවකි. තුර්කි රජය ඇගේ සංගීත කණ්ඩායම තහනමි කළේ, එය තුර්කියේ දේශපාලන පක්ෂයක් වන විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන සංගීත කණඩායමක් යැයි සැක කරමිනි. එකී දේශපාලන පක්ෂය තුර්කි රජය විසින් නීති විරෝධී පන්ෂයක් ලෙස හදුන්වා තිබෙි.

ඒ අනුව ඇගේ සගයන් සහ ඇයව තුර්කි රජය කිහිපවරක්ම අත් අඩංගුවට ගෙන සිර දඩුවමි පමුණුවා තිබෙි. සිරදඩුවමෙන් නිදහස්ව ගෙදර ආ හෙලන් තවමත් සිර මැදිරි තුළ සිටන සිය සගයන් උදෙසාත් තමාට ගී ගැයීමට අවසර පතා තනිවම උපවාසයක් ආරමිභ කළාය. ඇය ඒ උපවාසයේදී ආහාර ගත්තේ නැත. එහෙත් ඇගේ සගයින් ඇයට දියරම ආහාර බලහත්කාරයෙන් පෙවු බව ජන මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ වුව ආහාර වර්තජිව උපවාස කළ හෙලන් බොලොක් දින 288 ක උපවාසයෙන් පසු අප්‍රේල් 03 දින ඉස්තාන්බුල් ඇගේ නිවසේදී මිය ගියාය.

මිය ගිය ඇගේ දේහය උඩුපියන් රහිත ලෑලි පෙටිටියක ඇගේ මුහුණ පමණක් දිස්වෙන සේ මුව විට තෙක් මල් අතුරා ඇගේ වත්තේ තැන්පත් කර තිබිණි. ඇගේ මව අයිගල් බිල්ගි ය. “ඔබට එය නොපෙනේ, හැමෝම මෙහි සිටී” යැයි බිල්ගි විලාප තැබීය.

අවමංගල්‍ය උළෙලේ වචන ස්වල්පයක් පැවසූ ඇය සමග සිරගෙදර සිටි සංගීත කණ්ඩායමෙි සාමාජික අබ්‍රාහිම් ගොකෙක්,

“රජය ඔබට දැන් සතුටුද ? ඇය ඔබෙන් ඉල්ලා සිටීයේ ගී ගැයීමට පමණි. හෙලන් ඒ සදහා වන්දි ලෙස සිය ජීවිතය අත් හැරියාය. රජය මෙය ඝාතණයකි. එය ඔබ විසින් කරන ලද ඝාතණයකි. කලා කරුවෙකුට සිය කලාව වෙනුවෙන් මරණය තෝරා ගැනීමට නියම කරන රටකි තුර්කිය.”

පසුව ඔවුහු සිය කෝකිලා‍වගේ දෙන සිය උරහිස් මත තබා ගනිමින් ගී ගයමින්, සටන් පාඨ ගුවන පුරා විසුරුවා හරිමින් සොහොන් භූමිය වෙත ඇවිද ගියහ.

“අපි මිල ගෙව්වාය , අපි මිල ගෙවන්නෙමු”,
“මව්වරුන්ගේ කෝපය මිනීමරුවන්ගේ ගෙල සිර කරනු ඇත”


උපාලි ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button