දේශීය

සංගීතවේදී ජයන්ත රත්නායක ජීවන ගමන නිම කරයි

කාලයක සිට පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳි සංගීතවේදී ජයන්ත රත්නායක අද උදෑසන මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 51 වන වියේ පසු විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පැවසුවේ, පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කරන බවයි.

ජයන්ත ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයා ද සංගීත ශිල්පී ලෙලුම් රත්නායකගේ සොහොයුරාද වේ.

පසුගිය ජුලි මාසයේදී ජයන්තගේ පිළිකා රෝගී තත්වයට අදාලව පළමු ශල්‍ය කර්මය සිදුකර තිබිණි. අනතුරුව සතියට දින දෙකක් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ගත්තේය. සුවවූ පසුව ඔහු රුපවාහිනී නාලිකා කිහිපයකම සංගීත වැඩසටහන් හි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස තම සහාය ලබා දුන්නේය.

ජයන්ත රත්නායක රජන්ත, ශක්ති සහ සිහ ශක්ති සංගීත කණ්ඩායම් වල කී බෝර්ඩ් වාදන ශිල්පිය ලෙසද දිගු කලක් සේවය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button