දේශීය

කොරෝනා රෝගීන් සමග සබඳතා පැවැත්වූ දහස් ගණනක් රට පුරා

මේවන විට හමු වී ඇත් කොරෝනා ආසාධිතයන් සමග ගැටුණු, එහෙත් නිරෝධානයනට ලක් නොවුණු 42000ක පමණ පිරිසක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වසංගත රෝග පිළිබඳ ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි. එනිසා එම පිරිස වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට දැනුම් දුන් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පැවසූ ඔහු තවදුරටත් බලා සිටින්නේ පරික්ෂා කළ යුතු සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යන තුරුදැයි ප්‍රශ්න කළේය. එසේම දැනට මේ සඳහා සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය දීර්ඝ වේලාවක් ගතවන බවත් ඒ වෙනුවට වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයක් යෝජනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

වෛද්‍ය නවීන් ද සොයිසා එම කරුණු අනාවරණය කළේ පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button