ව්‍යාපාරික

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට නව ජවයක්

ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රය “ජාතික රක්ෂණ දිනය” සුපුරුදු පරිදි උත්සවාකාරයෙන් සමරන ලද අතර එදින සිට සැප්තැම්බර් මාසය පුරා රක්ෂණයේ වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වෙනුවෙන් සියළුම රක්ෂණ සමාගම් ඉතා කැපවීමෙන් ක්‍රියා කළහ.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) සභාපති දීප්ති ලොකුආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි සහ විකුණුම් සංසදයේ (MSF) සභාපති හෂ්ර වීරවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය හා රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේ වැඩසටහන පිළිබඳ සිය අදහස් මෙසේ දක්වන ලදි. ර්‍ණවර්ෂ 1989 දී IASL ඇරඹෙන්නේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඊගල් ඉන්ෂුවරන්ස් සහ යුනියන් ඇෂූරන්ස් යන රක්ෂණ ආයතන කිහිපය එකමුතු කරගනිමින් බව සිහිපත් කලේය. අප සංගමය මේ වන විට සාමාජික සමාගම් 26 ක එකමුතුවෙන් දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකරනවා. අප සංගමයේ ප්‍රධානතම අරමුණ ශ්‍රී ලාංකිකයන් අතර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමයි. ඒ වගේම ක්ෂේත්‍රයේ කටයුතු කරන අතරවාරයේ රාජ්‍ය හෝ වේවා පුද්ගලික අංශයේ හෝ වේවා අප සාමාජික සමාගම් වෙත පැන නගින ගැටළු විසඳීමෙහිලා අප ක්‍රියාකාරීව මැදිහත් වෙනවා.” යැයි ලොකු ආරච්චි මහතා IASL කාර්ය භාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකලේය.

ජාතික රක්ෂණ දිනය හා රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය පිළිබඳ IASL සභාපතිවරයා අදහස් දක්වමින් ර්‍ණඅප සංගමයේ මැදිහත්වීමෙන් පසුගිය වසරේ සිදු කෙරුණ කැබිනට් නිවේදනයක් මගින් සැප්තැම්බර් මාසයේ 1 වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස නම් කෙරුණා, මෙවර අපි ජාතික රක්ෂණ දිනය සමරනු ලබන්නේ දෙවැනි වරටයි. කොහොම වුණත් 2017 වසරට පෙරත් අපි අපේ සාමාජික සමාගම් සමග එකමුතු වෙලා සැප්තැම්බර් මාසය රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සලකා විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. පුරා වසර 5ක් තිස්සේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අප හා එක්ව ක්‍රියා කළ සියළු ආයතනයන්ට අප ස්තූතිවන්ත වෙනවා. සැප්තැම්බර් මාසය පුරා සියළුම රක්ෂණ සමාගම් ඉහළ ව්‍යාපාරික සාර්ථකත්වයකට ළඟාවීම අප ඉතා ප්‍රබෝධයට පත් කරවූවක්. සැම්තැම්බර් මාසය පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය ප්‍රධාන කොට සියළුම රක්ෂණ ක්ෂේත්‍රවල ඒ ඒ රක්ෂණ සමාගම් හා ඒවායේ රක්ෂණ වෘත්තිකයන් අත්කරගත් ඉහළ සාර්ථකත්වය හා කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් ඔවුන් දිරිගන්වන විශේෂ වැඩසටහන් රැසක් IASL අප ක්‍රියාත්මක කරනු ලබනවා.” යැයි පැවසීය.

මේ වසරේ රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය හා සමගාමීව ක්‍රියාත්මක වූ වැඩසටහන් හි සාර්ථකත්වය පිළිබඳ සිදුකළ විමසීමකට ලොකු ආරච්චි මහතා ර්‍ණඅපේ රටේ රක්ෂණ ක්ෂේත්‍රය ඉතාම සංකීර්ණ වූත් තරගකාරීත්වය අධික වූත් ක්ෂේත්‍රයක්. සියළුම රක්ෂණ සමාගම් ඒ තත්ත්වය යටතේ සිය ස්ථාවරත්වය පවත්වාගන්න දැඩි කැපවීමක යෙදී සිටිනවා. මා සිතන ආකාරයට යම් සමාගමක් ඔවුන්ගේ සාමාන්‍ය සාර්ථකත්වයේ සීමාව තීරණය කරනු ලබන මිනුම් දඬු පසුකොට යම් දුරක් හෝ පැමිණෙන්නට සමත් වූවා නම් අනිවාර්යයෙන්ම මේ වසරේ රක්ෂණ මාසයේ ඔවුන් ඉතා සාර්ථකයි.” යැයි පිළිතුරු එක් කලේය.

IASL සභාපති ලොකුආරච්චි මහතා වර්තමාන ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ ඇති අභියෝග පිළිබඳ සභාව දැනුවත් කලේය. ඔහු සඳහන් කරන පරිදි ක්ෂේත්‍රයේ ඇති මූලිකම අභියෝගය රක්ෂණය පිළිබඳ ඇති පුද්ගල ආකල්ප විවිධවීමයි. ශ්‍රී ලාංකිකයන්ගේ ඒ ඒ පුද්ගල ස්වභාවයන් අනුව රක්ෂණයද අවශ්‍යතාවක් ලෙස පැහැදිළිව හඳුනා ගත හැකි වූවද ඔවුහූ එහිදී සිය අනෙකුත් පුද්ගල අවශ්‍යතා අතර රක්ෂණයට ලබා දී ඇත්තේ සුළු අවධානයකි. ඒ නිසා IASL වෙත අවශ්‍ය වන්නේ රක්ෂණයද අනෙකුත් අවශ්‍යතාවන් සේම ඉහළ වැදගත්කමක් ලබා දී අවධානයට ලක්විය යුත්තක් ලෙස ජනතාව දැනුවත් කිරීමට බව ඒ මහතා අවධාරණය කලේය. IASL සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් ර්‍ණහෘද්‍යාංගම ආසියානු සංස්කෘතියක සමාජිකයන් වන අප, අපෙන් යැපෙන අනෙකුත් පවුලේ සාමාජිකයන් හා පවුලේ සියළු දෙනාගේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙනවා. ඒ ආදර ර්‍ණයත්වය රක්ෂණ සංකල්පය හා එකමුතු කිරීමෙන් අපට ඔවුන්ගේ ජීවිත තවදුරටත් ආලෝකමත් කළ හැකිවෙනවා.” යැයි පැවසීය.

ර්‍ණඅපි ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ අධ්‍යනයක නියැලුනොත් නව යොවුන් වියේ දරුවන් හා වැඩිහිටි ජනගහනයේ වැඩි පිරිසක් දැකගත හැකි වෙනවා. ඒ වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයු අපේක්ෂාව අද වන විට අවුරුදු 72 දක්වා ඉහළ ගොස් ඇති ආකාරයත් හඳුනාගත හැකියි. මේ වන විට පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ යහ පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණ, වාර්ෂික ප්‍රතිලාභ හා වයස්ගත දිවියට මූල්‍යමය අත්වැලක් වෙන විශ්‍රාම සැලසුම් තෝරාගැනීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ වගේම අප අධ්‍යනය කර ඇති තවත් කරුණක් වන්නේ දැනුවත් භාවය හා ජීවිතාරක්ෂක පහසුකම් සංවර්ධනයේ ප්‍රථිඵලයක් විදිහට අකල් මරණ සිදුවීමේ සම්භාවිතාවය බෙහෙවින් අඩුවෙලා තියෙනවා. ඒ නිසා රැකවරණය හා මූල්‍ය ප්‍රතිලාභ සංකලනය වූ නම්‍යශීලී රක්ෂණ විසඳුම් ලබාදීම සඳහා රක්ෂණ සමාගම් උනන්දු වීම වඩා වැදගත්. අනෙක් අතට මම විශ්වාස කරනවා අපේ රක්ෂණ සමාගම් සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභයන්ද වැඩි වශයෙන් ලබාදිය යුතු බවට. අද රටේ පෞද්ගලික රෝහල් සේවා කෙතරම් උසස් මට්ටමකින් පැවතියත් ඒ ගාස්තු ඉතා ඉහළ මට්ටමකයි පවතින්නේ. රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ වැඩිදියුණු විය යුතු අංශ ගණනාවක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය යටතේ ජනතාව රක්ෂණ සමාගමකින් වැඩි රැකවරණයක් සවියක් අපේක්ෂා කරනවා.” යැයි IASL සභාපති දීප්ති ලොකුආරච්චි මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි සහ විකුණුම් සංසදයේ (MSF) සභාපති හෂ්ර වීරවර්ධන මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ර්‍ණශ්‍රී ලංකා රක්ෂණ සංගමය සාමාන්‍ය හා ජීවිත රක්ෂණ ආයතන 26 කින් සමන්විත වෙනවා. රක්ෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විවිධ කාර්යභාරයන් ගණනාවක් ඉටුකිරීම වෙනුවෙන් අප සංගමයේ උප කමිටු ගණනාවක් ක්‍රියාත්මකයි. MSF හෙවත් අලෙවි සහ විකුණුම් සංසදයේ අපගේ කාර්යභාරය වන්නේ රක්ෂණය හා එහි වටිනාකම පිළිබඳ පුළුල් සමාජ දැනුවත්භාවයක් ගොඩනැංවීමයි. ඒ වෙනුවෙන් අපි විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් සංවිධානය කරනු ලබනවා. අපගේ MSF සාමාජිකයන් සියළුදෙනා සාමාන්‍ය රක්ෂණ හා ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර දෙක නියෝජනය කරන ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ලබාගත් අයයි.” යැයි පැවසීය.

ජාතික රක්ෂණ දිනය හා රක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සාර්ථක කරගැනීම වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කළ ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි සහ විකුණුම් සංසදය (MSF) විසින් දීප ව්‍යාප්තව දියත් කළ වැඩසටහන් මාලාව පිළිබඳ අදහස් දක්වමින් වීරවර්ධන මහතා ර්‍ණසියළුම රක්ෂණ සමාගම් තම තම ශක්ති ප්‍රමාණයෙන් මෙවර ජාතික රක්ෂණ දිනය හා රක්ෂණ මාසය සාර්ථක කරගැනීම සඳහා බොහෝ කැපවීමෙන් කටයුතු කළා. රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සැප්තැම්බර් මාසයේ 1 වැනිදා සිට ගම් නියම්ගම් පුරා නගර සිසාරා රක්ෂණයේ පණිවුඩය පැතිරවීම සඳහා ඔබ සියළුදෙනා දැක්වූ එම දායකත්වය ඉතා ප්‍රශංසනීයයි. රක්ෂණ සමාගම් රැසක් කොළඹ, මහනුවර, කුරුණෑගල, යාපනය, රත්නපුර, අනුරාධපුර සහ මාතර ප්‍රදේශයන්ගේ වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබුවා. MSF සභාපතිවරයා ලෙස මෙවර ජාතික රක්ෂණ දිනය හා රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය පුරා සංවිධානය වූ වැඩසටහන් සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ සියළු දෙනාටම මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. IASL හා IRCSL වෙතින් අපට ලැබුණු සහයෝගය හා මගපෙන්වීමත් අපට එහිදී මහත් ශක්තියක් වූවා.” යැයි අදහස් දැක්වූයේය.

ජාතික රක්ෂණ දිනය හා සමගාමීව ක්‍රියාත්මක වූ දීප ව්‍යාප්ත වැඩසටහන් සඳහා රක්ෂණ සමාගම් වෙතින් ලැබුණු දායකත්වය කෙබඳුදැයි විමසීමකට පිළිතුරු දෙමින් වීරවර්ධන මහතා පැවසූයේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සුදුසු ප්‍රදේශ තෝරා දෙමින් අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් රක්ෂණ සමාගම් ඉතා මැනැවින් සිය දායකත්වය ලබාදුන් බවය. කොළඹින් දුර බැහැර ප්‍රවර්ධන වැඩසටහන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ සාර්ථකත්වයකින් පැවැත්වීම වෙනුවෙන් රක්ෂණ සමාගම් වෙතින් ඉතා ඉහළ කැපවීමක් තමා දුටු බවත් ඒ වෙනුවෙන් සියළුදෙනා වෙත තමා ස්තූතිවන්ත වනබවත් ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි සහ විකුණුම් සංසදයේ (MSF) සභාපති හර්ෂ වීරවර්ධන මහතා පැවසීය.

ඉදිරි වසර තුළ ජාතික රක්ෂණ දින හා ඒ හා සමගාමීව පැවැත්වෙන රක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් පවතින සූදානම පිළිබඳ සිදුවූ විමසුමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවි සහ විකුණුම් සංසදයේ සභාපතිවරයා ර්‍ණජාතික රක්ෂණ දිනය ප්‍රකාශයට පත් වීමත් සමග සකස් වූ තුන් අවුරුදු ක්‍රියාකාරී වැඩපිළිවෙල යටතේ දීප ව්‍යාප්ත වැඩසටහන් ගණනාවක් රක්ෂණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම අරමුණුකොටගෙන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වසරේ අප මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රදේශ 7 කදී ප්‍රවර්ධන කටයුතු සිදු කළා, කොළඹ හැරුණුකොට අප තෝරාගත් අනෙකුත් සියළු ප්‍රදේශ කොළඹින් ඉතා දුරබැහැර ප්‍රදේශයන්. ඉදිරි වසරේදී අප දිවයින පුරා රක්ෂණ ප්‍රවර්ධන කටයුතු පවත්වන්නට අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button