පුරවැසි කොළම

කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!

මිනිස්සු කොරෝනා වලට බය වෙන්න හේතුව තමයි ඒ වටා ගොඩනංවලා තියෙන අපරාධකාරීමට හැගීම.

යමෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වපු ගමන්ම හිරු – දෙරණ කියන ජඩ කල්ලි දෙකේ පඬංගු කැමරාකාරයෝ ගිහින් ඒ මිනිස්සුන්ගේ ගෙවල් වටකරලා සෞඛ්‍ය අංශ සහ පොලිස් / හමුදා නිලධාරීන් ඇවිල්ලා උපදෙස් දෙනවා රාජකාරි කරනවා වෙන කෝණයකින් සමාජගත කරනවා. ගෙවල් සීල් කරන හැටි, වටේ පිටේ මිනිස්සු ඉස්සරහ කෑකෝ ගහන හැටි ගැන පෙන්නනවා. ඒක වැරදියි.

මාධ්‍ය මේ වෙලාවේ පෙන්නන ඕන ඇදිරි නීතිය වෙලාවේ එලියට බහින එවුන්ට පොලීසියෙන් ගහන, කකුල් දෙක කඩන (එහෙම වෙන්නේ නැත්නම් එහෙම කරලා හරි) අරගන්න වීඩියෝ මිසක් අසරණ ලෙඩ්ඩු අපරාධකාරයෝ වගේ පෙන්වන ප්‍රවෘත්ති නෙමෙයි.

කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!


ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button