ව්‍යාපාරික

COVID-19 වෛරසය පවතින මෙම කාලසීමාවේ ඩයලොග් හි e-Working, e-Learning සහ e-Health විසඳුම් ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වයි

Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරයි. පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසාය, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙනයාමට ඩයලොග් මනා සූදානමකින් හා කැපවීමෙන් පසුවෙයි.

පවතින වත්මන් තත්තවය තුළ Online පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව ඇති මෙවන් පසුබිමක, සමාජ සම්බන්ධතාවලින් දුරස්වී සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීම සඳහා ඉවහල්වන කාර්යභාරයක් වෙනුවෙන් ඩයලොග් සමාගම තවත් ඉදිරි පියවරක් තබා ඇත.මෙම දුෂ්කර කාලසීමාවේදී සිය පාරිභෝගිකයන් අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීමට කටයුතු කරන අතරවාරයේ, පහත සඳහන් විශේෂ සේවාවන්ද තම පාරිභෝගිකයන්ට ලබාදීමට ඩයලොග් සමාගම පියවර ගෙන තිබේ:

1390 ඔස්සේ e-Health –  Tele-Medicine සහ ජාතික මට්ටමේ දැනුවත්වීමක් ලබාදීම

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට ඩයලොග් ලබාදී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ගවලට සමගාමීව Wavenet International Pvt Ltd සහ MyDoctor (My Health Solutions Pvt Ltd) සහයෝගීත්වයෙන් කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු සහ උපදෙස් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ලබාගැනීම සඳහා 1390 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇත.  මෙම සේවාව ඔස්සේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත නොපිවිස වෛද්‍යවරුන් සමඟ සම්බන්ධවී උපදෙස් ලබාගැනීමේ පහසුකම සලසා දෙයි. ඕනෑම දුරකථන ජාලයකින් 1390 ක්ෂණික අංකය ඇමතීමෙන් මෙම සේවාව නොමිලේ ලබාගත හැකිය.

ඇමතුමක් ලබාගැනීමට පෙර covid -19 සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කෙරෙන නිවේදන සහ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නවතම උපදෙස් සහ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ  ලබාදෙන 135 හඬ පණිවිඩ සේවාව හඳුන්වාදීමටද ඩයලොග් සමාගම කටයුතු කරන ලදී. මෙම ක්ෂණික ඇමතුම් අංකවලට අමතරව covid -19  පිළිබඳ වැඩි විස්තර අඩංගු Android/iOS app එකක් ළඟදීම හඳුන්වාදීමට ඩයලොග් සමාගම පියවර ගනිමින් සිටියි.

නොමිලේ අන්තර්ගතයන් ලබාදෙන Guru.lk සහ රජයේ අධ්‍යාපන අවකාශයන් සඳහා ඩේටා ගාස්තු නොමැතිව පිවිසිය හැකි e-Learning

නියමිත කාලසීමාවට පෙර පාසල් වසාදැමීමට කටයුතු කිරීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවනු පිණිස, ඩයලොග් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Headstart Pvt Ltd සමඟ එක්ව ඩේටා ගාස්තු නොමැති අධ්‍යාපන අන්තර්ගතයන් සහ යෙදුම් කිහිපයක් හරහා තම නිවසේ සිටම දරුවන්ට ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ. ඩයලොග් සිය පාර්ශවකරුවන් සමඟ එක්ව පහත සඳහන් අධ්‍යාපන සහ අන්තර්ගතයන් සහිත අවකාශ සඳහා නොමිලේ ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදී තිබේ:

  1. Guru.lk
  2. e-thaksalawa – e-thaksalawa.moe.gov.lk
  3. Nenasa App – Goole Play Store ඔස්සේ ලබාගත හැක
  4. Dialog ViU App – Google Play store සහ App Store ඔස්සේ ලබාගත හැක

මීට අමතරව ඉහත සඳහන් කළ අවකාශයන්ට අමතරව 2020 මාර්තු 23 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග්,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සහයෝගිත්වයෙන් සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවල e-Learning අවකාශයන් සඳහා ඩේටා ගාස්තු නොමැතිව නොමිලේ ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදීමටත් කටයුතු කර ඇත.

ඩයලොග් Mobile Broadband සහ Home Broadband සඳහා අමතර ඩේටා

මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ඩයලොග් පාරිභෝගිකයන්ට නිවසේ සිට රාජකාරී කටයුතු ඉටුකිරීමට පහසුකම් සැලසීම සඳහා 2020 මාර්තු 16 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ සහන සහ දීමනා රැසක් ලබාදීමට ඩයලොග් සමාගම කටයුතු කර තිබෙනවා.

  • හෝම් සහ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා Double Data

හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ මොබයිල් පසුගෙවුම් ඩේටා පැක් Extensions සඳහා Double Data

2020 මාර්තු 16 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි Home සහ Mobile Broadband පසුගෙවුම් ගිණුම් සඳහා සිදුකරන සියලුම Data extensions වෙනුවෙන් ඩයලොග් විසින් 100% ක බෝනස් ලබාදීමක් සිදුකරයි. නිවසේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති වත්මන් කාලසීමාව තුළ ඉහත සහනය මගින් 600,000 කට වැඩි Home Broadband පරිශීලකයන් සහ මිලියන 1.4 කට වැඩි මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන් බලගැන්වේ. ඩේටා අත්‍යවශ්‍ය අයට MyDialog App එක හරහා හෝ www.dialog.lk හරහා data add-on packs activate කරගෙන පෙර මිලටම double ඩේටා හිමිකරගත හැක.

පෙරගෙවුම් ඩේටා කාඩ්පත් සහ Online මිලදීගැනීම් සඳහා  4G Bonus 100% දක්වා දෙගුණ කරන ලදී

2020 මාර්තු 23 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි  මිලියන 13.4 ක අපගේ පෙරගෙවුම් මොබයිල් පාරිභෝගිකයන්ට අඛණ්ඩව සිය සම්බන්ධතා පවත්වාගෙනයාම වෙනුවෙන් MyDialog/Genie Apps හෝ www.dialog.lk යන online මාධ්‍ය ඔස්සේ ඔවුන්  මිලදීගනු ලබන සියලුම internet කාඩ් සඳහා මෙතෙක් ස්ථාවරව පැවති 50% 4G Bonus,  100% 4G Anytime bonus දක්වා දෙගුණ කිරීමට ඩයලොග් පියවර ගෙන ඇත. 2020 මාර්තු 22 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඕනෑම මාධ්‍යයක් හරහා activate කරගන්නා රු. 349/- ට වැඩි සියලුම ඩේටා කාඩ් සඳහාද එම දීමනාව වලංගු වේ.

  • දිනපතා සහ සතිපතා පෙරගෙවුම් Blaster පැක් සඳහා කතා කාලය දෙගුණ කර ඇත

2020 මාර්තු 22 වෙනිදා සිට ඩයලොග් මොබයිල් පෙරෙගෙවුම් පාරිභෝගිකයන්ට 100% බෝනස් කතා කාලයක් / SMS / Data දිනපතා / සතිපතා Voice සහ Combo packs සඳහා ලබාගත හැක. මෙම විශේෂ පැකේජ මිලදීගැනීම සඳහා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඩයලොග් ජංගම දුරකතනයෙන් #678# ඇමතිය හැක.

  • නොමිලේ News Alerts සමඟ යාවත්කාලීන වන්න

පවතින වත්මන් තත්ත්වය හමුවේ නවතම තොරතුරු පිළිබඳව යාවත්කාලීන වන්නට මාර්තු 31 වෙනිදා තෙක් තෝරාගත් News Alert සේවාවන් නොමිලේ subscribe කරගැනීමට අවස්ථාව සලසා ඇත. News Alerts සේවාව සක්‍රිය කරගැනීම සඳහා පාරිභෝගිකයන්ට MyDialog App එක භාවිත කිරීම හෝ #678# ඇමතීමෙන් සිදුකළ හැක.

නිවසේ සිට සහ මොබයිල් එක හරහා Unlimited විනෝදාස්වාදය

Live TV සහ Video on Demand නැරඹීම සඳහා Dialog ViU App වෙත නොමිලේ ප්‍රවේශවීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ විශාලතම විඩියෝ සහ Live TV එකතුව වන Dialog ViU app එක හරහා ඩේටා ගාස්තු නොමැතිව රසවිඳීමට දැන් සියලුම මොබයිල් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට වරම් හිමිව තිබේ. Dialog ViU app යනු ඩයලොග් ජාලය ඔස්සේ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක ඩේටා ගාස්තු නොමැතිව නොමිලේ Live Tv සහ විඩියෝ රසවිඳිය හැකි තවත් මාධ්‍යයකි. මේ හරහා සජීවී නාලිකා 60 ක් සමඟ, දේශීය චිත්‍රපට 1000+, ටෙලිනාට්‍ය සහ අධ්‍යාපන විනෝදාත්මක අන්තර්ගතයන් සහ මුල් වැඩසටහන් සමඟ සැමට රසවින්දනය ලබාදිය හැක.

  • Dialog Television ඔස්සේ සියලුම නාලිකා සඳහා ප්‍රවේශය

කොරෝනා අභියෝගය ජයගැනීම වෙනුවෙන් පනවා ඇති සමාජ සීමාවන් පිළිබඳව සියලුම ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම සඳහා සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට තම සියලුම නාලිකා  දින 14 ක් සඳහා රු. 100+ බදු ගාස්තුවක් යටතේ (MyDialog App එක මගින් Activate කරගන්නා විට රු. 75 + බදු ගාස්තුවක්) ලබාදීමට ඩයලොග් කටයුතු කර ඇත. මේ හරහා මෙම කාලසීමාව තුළ නිවසේ සිටම අධ්‍යාපනික විනෝදාත්මක මෙන්ම විනෝදය සපිරි වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමිවේ.

සියලුම පාරිභෝගිකයන් සඳහා ණය සීමාව දීර්ඝ කර ඇත

මෙම කාලසීමාව තුළ බාධාවකින් තොරව සේවා සැපයීම වෙනුවෙන්ද, සිය Mobile, Home Broadband, TV සහ ව්‍යවසාය පාරිභෝගිකයන්ට අඛණ්ඩව සම්බන්ධවිය හැකි අයුරින්ද පාරිභෝගිකයන්ගේ ණය කාලසීමාව දීර්ඝ කරමින් හදිසි අමතර ණය ලබාගැනීමේ පහසුකමක් සැලසීමට ඩයලොග් කටයුතු කර ඇත.

  • සියලුම පසුගෙවුම් Mobile, Fixed Broadband සහ Television පාරිභෝගිකයන්ගේ ණය සීමාව ඉහළ නංවා ඇත

වත්මන් ණය සීමාවේ සිට 50% කින් ස්වයංක්‍රීය ණය ඉහළ නංවා තිබේ. (ණය සීමාවට අවතීර්ණ වීමේදී) පෙබරවාරි මාසයේ බිල්පතට අනුව සිදුකළ යුතු විසන්ධි කිරීම් 2020 මාර්තු 27 වෙනිදා දක්වා අත්හිටුවා ඇත.

  • සියලුම මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා හදිසි ණය

top up cards හෝ රීලෝඩ් සිදුකිරීමට නොහැකි ඩයලොග් පෙරගෙවුම් මොබයිල් පාරිභෝගිකයන් වෙනුවෙන් හදිසි ණය පහසුකම් ලබාගැනීමේ සේවාවක් ක්‍රියාත්මක වෙයි. ඩයලොග් වෙතින් මෙම හදිසි ණය පහසුකම ලබාගනීම සඳහා #007# ඇමතිය හැක.

  • MyDialog App සහ WhatsApp මාධ්‍ය ඔස්සේ ඩිජිටල් පාරිභෝගික සහාය හිමිවන e-care

ඩයලොග් සේවාවන් සම්බන්ධයෙන් සහාය ලබාගැනීමට අපගේ ඩිජිටල් ස්වයං සේවා අවකාශයන් (www.dialog.lk හෝ MyDialog App) භාවිතා කිරීමට පාරිභෝගිකයන් උන්නදු කරවනු ලැබේ. MyDialog App එක හරහා ඔබේ පවුලේ / ව්‍යාපාරයේ ඩයලොග් සේවා හැසිරවීමට, ඕනෑම ඩයලොග් සම්බන්ධතාවයක් පහසුවෙන් රීලෝඩ් කිරීමට පහසුකම් සලසයි. මෙම ඩිජිටල් අවකාශයන්ට අමතරව රීලෝඩ්, බිල්පත් ගෙවීම් සහ eZ Cash top-ups සඳහා වැනි මූල්‍ය ගනුදෙනු සඳහා kiosks යන්ත්‍ර භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ට නිර්දේශ කර සිටියි. මීට අමතරව 777 678 678 අංකය ඔස්සේ WhatsApp හරහා ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක ඩයලොග් සේවාවන් සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි සේවාවට සම්බන්ධවීමේ පහසුකමද ඩයලොග් විසින් සිය පාරිභෝගිකයන්ට හඳුන්වාදී තිබේ.

  • ව්‍යවසාය සඳහා e-Home Working සහාය

Covid -19 පැතිරීම පාලනය කරමින්, නිවසේ සිට මහා පරිමාණයෙන් කාර්යාලීය රාජකාරී කටයුතු ඉටුකිරීමට පහසුකම් සලසා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට මග සලසාදෙමින්, නිසි උපාංග සහ සම්බන්ධතා විසඳුම්වලින් සම්බන්ධවී සන්නද්ධවීම සඳහා ඩයලොග් සමාගම ව්‍යවසායන්ට සහාය ලබාදීම සඳහා මනා සූදානමකින් හා කැපවීමකින් කටයුතු කරයි. මෙම අවිනිශ්චිත කාලසීමාව තුළ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙනයාමට අත්‍යවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඕනෑම අවස්ථාවක අපගේ ඩයලොග් හි ව්‍යවසාය ගිණුම් කළමනාකරුවන් 777887887 හෝ 117100200 යන අංක ඔස්සේ සම්බන්ධ කරගන්නා ලෙසත්, නැතිනම් business.dialog.lk වෙබ් අඩවියට පැමිණෙන ලෙසත් ඩයලොග් තම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Microsoft Office365 Business Essentials: ව්‍යවසාය පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදී තිබෙන මෙම පහසුකම හරහා 50% ක විශේෂ වට්ටමක් ලබාදීමට ඩයලොග් කටයුතු කර ඇති අතර, මීට 2 GB අමතර මොබයිල් ඩේටා එක්කර ඇත. Microsoft office 365 අවකාශය වෙත online ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වන අය වෙනුවෙන් Mobile සහ Home Broadband සඳහා ඩයලොග් විසින් විශේෂ ඩේටා bundle එකක් හඳුන්වාදී තිබේ. මේ යටතේ 5GB මොබයිල් ඩේටා රු. 200 කට ලබාගත හැක. Home Broadband සඳහා ලබාගත හැකි Unlimited data රු. 100 කට මිලකර ඇත.

ඩයලොග් BizConferencing විසඳුම: නම්‍යශීලී, ලාභදායී මෙන්ම ඕනෑම වෙලාවක, ඕනෑම අවස්ථාවක පහසුවෙන් භාවිත කළ හැකි සුරක්ෂිත Voice Conference විසඳුමක් ඩයලොග් විසින් හඳුන්වාදී තිබේ. මෙය set up කිරීම සඳහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවන අතර, පහසුවෙන් කළමනාකරණය කළ හැකි conference ඇමතුම් set up කිරීම, sessions පාලනය හා කළමනාකරණය කිරීම, අනාගත ප්‍රයෝජනය හෝ පසුවිපරම් සඳහා සිදුකරන ලද සාකච්ඡාවල වාර්තා පවත්වාගෙන යාම සහ තවත් බොහෝ සේවාවන් ඇතුළත් අගය එකතු කළ විශේෂාංගවලින් මෙම පහසුකම සමන්විත වේ.

ව්‍යවසාය සඳහා Double Data : ඩයලොග්  Home Broadband  සහ පසුගෙවුම් මොබයිල් ග්‍රාහකයන්ට ලබාදී තිබෙන 100% බෝනස් ඩේටා දීමනාව ව්‍යවසාය කටයුතු සඳහා භාවිතයටද අදාළ වන අතර, MyDialog app එක හෝ Bizcare අවකාශය හරහා මෙය activate කරගත හැක. විශේෂ ව්‍යවසාය data plans අවශ්‍ය අයට ඒ සඳහා අදාළ ගිණුම් කළමනාකරු සම්බන්ධ කරගැනීම හෝ www.dialog.lk වෙත පිවිසීමෙන් හෝ තම අවශ්‍යතාව ඉටුකරගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button