විශේෂාංග

සුනිල් රත්නායක – ඇත්ත කතාව 04

- නීතීඥ අථිල අතාවුද

සුනිල් රත්නායක – ඇත්ත කතාව 01

සුනිල් රත්නායක – ඇත්ත කතාව 02

සුනිල් රත්නායක – ඇත්ත කතාව 03

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :-

1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද,

2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

3. තෛවකුලසිංහම් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

4. විල්වරාසා ප්‍රදීපන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

5. සින්නයියා විල්වරාසා යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

6. නඩේසු ජයචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

7. කදීරන් ඥානචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

8. ඥානචන්ද්‍රන් ශාන්තන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

9. විල්වරාසා ප්‍රසාද් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද,

10. මහේෂ්වරන් යන අයට සුළු තුවාල සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය සමග කියවියයුතු දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද,

11. සිට 18 වැනි අධිචෝදනාව දක්වා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය යටතේ විස්තර කෙරෙන පොදු චේතනාවට යටත්ව ඉහත 2 වැනි අධි චෝදනාවේ සිට 9 වැනි අධි චෝදනාව දක්වා නම් සදහන් පුද්ගලයන්ගේ මරණ සිදුකිරීම සහ 19 වැනි අධි චෝදනාව ඉහත කී පොදු චේතනාව යටතේ ඉහත 10 වැනි අධි චෝදනාවෙන් දක්වා ඇති සුළු තුවාල කිරීමේ වරද කළ බවටද ගොණු කර ඇත්තේය.

වරදකරු වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ පැමිණිල්ලේ නඩුව සම්පූර්ණයෙන්ම පාහේ රදා පවතින ලද මහේෂ්වරන්ගේ සාක්ෂියෙහි ඇති විශ්වාසනීයත්වය වේ. මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සළකා බැලීමට පෙර මෙම නඩුවේ ඇති අනෙකුත් පරීවේශනීය සාක්ෂි සළකා බලමු. පැවැති අනෙකුත් පරිවේෂණයන් මහේෂ්වරන්ගේ සාක්ෂිය හා ගැලපෙන්නේද එය ශක්තිමත් කරන්නේද යන්න පිළිබදව තීරණය කළ හැක්කේ ඒ අනුවය. එය මහේෂ්වරන්ගේ සාක්ෂිය පිළිගත හැකිද ප්‍රතික්ෂේප කළ යුතු යන්න තීරණය කිරීමේදී තීරණාත්මක වනවා ඇත.

දෙසැම්බර් 19 වැනි දා මහේෂ්වරන් මියිගිය අනෙක් අට දෙනාද සමග මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි තමන්ගේ නිවෙස් වලට පැමිණියේය යන කරුණ අභියෝගයට ලක්කර නොමැත.

පොන්නදොරෙයි එනම් මහේෂ්වරන්ගේ පියාට අනුව ඔහුගේ පුතා දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් වෙත ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් දෙසැම්බර් 20 වැනිදා උදෑසන ඔහු මහේෂ්වරන් සොයා මිරුසුවිල් වෙත යන අතරමගදී මහේෂ්වරන් හමුවී ඇත. තමාට සහ අනෙක් පුද්ගලයන් අටදෙනාට පෙරදා සැන්දෑවේ සිදුවූයේ කුමක්ද යන්න මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එහිදීය. මෙම ස්ථාවරය මහේෂ්වරන්ගේ මව වන ලෙච්චමී විසින් තහවුරු කර තිබේ.

මහේෂ්වරන්ගේ කතාවේ ස්ථිරසාරබව තහවුරු කිරීම සදහා පැමිණිලිල විසින් පොන්නදුරෙයි සහ ලෙච්චමී යන දෙදෙනාගේම සාක්ෂි මෙහෙයවා ඇති අතර මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට අදාළ සිදුවීම මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම වූ වහාම බැවින් එම සාක්ෂි මෙහෙයවීමට සාක්ෂි ආඥා පනතේ 157 වැනි වගන්තිය යටතේ අවසරය ඇත.


සුනිල් රත්නායක – ඇත්ත කතාව 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button