ක්‍රීඩා

ඔලිම්පික් උළෙලට දින නියම කෙරේ

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ (2021) ජුලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල, කල්දැමීමට තීරණය කර තිබුනේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින්ය.

එහෙත් එය 2021 පැවැත්වුවද ‘ටෝකියෝ 2020’ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවසීය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීමට තමන් එකඟ වූ බව ජපන් අගමැති ෂින්සෝ අබේ පැවසීය. මෙම තීරණය ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝත්, ඇමරිකා එක්සත් ජනපදයත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා කරමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button