දේශීය

ජලය ‌නොමැතිව පිඩා විඳින වතුකරයේ ජනතාව

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් – කුඩාගම, දික්ඔය දරවල ප්‍රදේශයේ වතුකරයේ ජනතාව සහ ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටලුවකට මැදි වි සිටියි.

මෙතෙක් ඔවුන් ජලය ලබා ගත් ජල මුලාශ පවතින දැඩි වියළි කාලගුණයත් සමග සිදි යාම නිසා පානිය ජලය සොයා තේ වතු හරහා විශාල දුරක් යාමට සිදු වි ඇති බවත්, එසේ ලබා ගන්නා ජලයද පිරිසිදු ජලය නොවන බව සහ පවතින ඇඳිරි නිතිය හමුවේ ජලය ලබා ගැනිමට විකල්පයක් නොමැති බවත් එම ප්‍රදේශවල ජනතාව පවසති.

එම ප්‍රදේශවල ජනතාව විසින්, හැටන් ප්‍රදේශයේ අත්‍යවශ්‍යය සේවාවන් සපයන ස්වෙච්ඡා සංවිධාන ඇතුළු ආයතන කිහිපයකින් කල ඉල්ලිමක් මත ලොරි රථ මඟින් පිඩාවට පත් ජනතාව පදිංචි ස්ථාන වෙතම ගොස් පානිය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද(29)  ක්‍රියාත්මක කළේය.

පවතින දැඩි නියඟය අවසන් වන තෙක් දිනපතා තමන්ට පානිය ජලය ලබා දිමේ ක්‍රමවේදයක් සකසන ලෙස පිඩාවටපත් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button