විදේශීය

පූසෙකුටත් කොරෝනා

මිනිසකුගෙන් සත්වයකුට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

ඒ බෙල්ජියමෙන්….

බෙල්ජියමේ ලයිජ් හි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමෙන් සතියකට පසු එම පුද්ගලයා⁣ සුරතලයට ඇති කළ බළලෙකුට මෙලෙස ආසාදනය වී තිබේ.

එම බළලාට ශ්වසන ආබාධ සහ පාචනය ඇතුළු කොරෝනා රෝගයේ ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන ඇතැයි එම වෙබ් අඩිය කියයි.

වෛරසය පිළිබඳ භීතිය වැඩි වෙමින් පවතින හෙයින් මෙම සිද්ධි⁣ය හුදකලා සිදුවීමක් බවට සහතික කිරීමට බෙල්ජියමේ කොරෝනා මැඩපැවැත්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශක එම්මානුවෙල් ඇන්ඩ්‍රේ ප්‍රකාශයක් නිකුත් කළේය.

“සතුන් මෙම වසංගතයේ වාහකයන් යැයි සිතීමට කිසිදු හේතුවක් නැහැ,” ඔහු දේශීය මාධ්‍යයට පැවසීය.

“මිනිසුන් තම සුරතල් සතුන්ගෙන් ආසාදනය වීමේ අවදානම ඉතා අඩු මට්ටමක තමයි පවතින්නේ.සත්ත්වයා සහ එම පුද්ගලයා අතර සමීප සම්බන්ධතාවයක් නිසා බළලාට මෙම රෝගය වැළඳී තියෙනවා” බව ඇන්ඩ්‍රේ කීය.

සුරතල් සතෙකුට කොරෝනා වෛරසය බෝ වූ බවට තහවුරු කෙරුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර මාර්තු මුලදී හොංකොං හි සුනඛයෙකු නිරෝධායනය කෙරුණේ වෛරසය⁣ට ‘දුර්වල ලෙස ධනාත්මක’ බව පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

බෙල්ජියමේ කොරෝනා වෛරසය හේතුවෙන් 289 ක් මියගොස් ඇති අතර ආසාදන සංඛ්‍යාව 7,284 දක්වා ඉහළ ගොස් තිබේ.


RT.com ඇසුරෙන්


සැලකිය යුතුයි – ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම බළලා නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button