විදේශීය

ලෙව වැඩිම කොරෝනා ආසාදිතයන් ඇමෙරිකාවෙන්

ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් මේ මොහොත (2020-03-27 ශ්‍රී ලාංකීය වේලාවෙන් සවස 07.30) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 85,749 ක් ඇමෙරිකාවේ ඇති බවට තහවුරු වී තිබේ.

මෙතෙක් වැඩිම රෝගීන් වාර්තා වූ චීනය රෝගීන් 81782ක් සහ ඉතාලිය රෝගීන් 80,589ක් ලෙස වාර්තා වී තිබු අතර මේ අනුව ඇමරිකාව චීනය සහ ඉතාලිය ද අභිබවා ගොස් තිබේ.

කෙසේ වුවද ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයට හා ඉතාලියට වඩා අඩු අගයක් ගන්නා අතර එය මරණ 1200ක් ලෙස සඳහන් වෙයි.

මේ මොහොත වනවිට ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය – මරණ 8215ක් සහ චීනයෙන් – මරණ 3292ක් ලෙස සටහන් වෙයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේවනවිට කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පහසුකම් ලබාදී ඇති බවද, 552,000ක පමණ පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button