සමාජ

“මාස්ක් දැමීම අනිවාර්යය නැහැ” – වෛද්‍ය අනිල් ජාසිංහ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ මොහොතෙ වීරයෙක්.

අද නිව්ස් චැනල් හැම එකකම වගේ පෙන්නුවෙ මාස්ක් දාගෙන නැති මිනිස්සුන්ව ප්‍රශ්න කරන හැටි. සමහර තැන් වල එහෙම අයව කඩවල් ඇතුළට නොගෙන පන්නනවාත් පෙන්නුවා. කොරෝනා සම්බන්ධව චැනල් මේ වෙලාවෙ කරන්නෙ තමන්ට ඕන ඕන විදිහෙ වැඩසටහන්. ප්‍රවෘත්ති වලදි කවර් කරන්නෙ තමන්ගෙ න්‍යාය පත්‍රයක්. මේ මොහොතෙ සෞඛ්‍ය අංශ වල ක්‍රියාන්විතයට සමගාමීව තමන්ගෙ චැනල්වලින් සපෝට් එකක් දීම වෙනුවට එයාල තාම ප්‍රොපගැන්ඩාවල. ඒක වෙනම විවේචනයක්. මේ ඒකට වෙලාව නෙමෙයි.

කොරෝනා වලට වගකීමක් දරමින් කටයුතු කරන කිසිම දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් සාමාන්‍ය ජනතාවට මාස්ක් දැමීම අනිවාර්යය කරල නැහැ. ඒ වෙනුවට කරන්න ඕන වැඩ කිහිපයක් ගැන එයාල කට කැඩෙනකම් කියමින් ඉන්නවා. “මාස්ක් එකක් දාන්න” කියන එක ඒ අතරෙ නැහැ. අනිත් කාරණය නියමිත ප්‍රමිතියෙ මාස්ක් මේ වෙලාවෙ කොහෙවත් නෑ. රෝහල් වලවත් නැහැ. හැබැයි මාස්ක් එක අනිවාර්යයයි වගේ කතාවක් සමාජ ගත කලාම මිනිස්සු ගෙදර තියන මොකක් හෝ රෙදි කෑල්ලකින් මාස්ක් එකක් හදාගෙන එනවා. එහෙම නැත්නම් කොහෙහරි පේමන්ට් එකක තියන රෙදි මාස්ක් එකක් අධි මිළට අරගන්නවා. ඒ නැති අය ලේන්සු බැඳන් එනවා. එහෙමත් නැති අය අතින් මූණ වගහෙන යනවා. මේවා දැක්කම අපේ ඇඟ හිරි වැටිලා යනවා. රෙදි මාස්ක් වලින් ලැබෙන රැකවරණය ගැන කතාවත් වෙනම එකක්. පාවිච්චි කල යුතුම තැනකදි වුණත් ඒක පාවිච්චි කරන පරිසරය වෙලාව, ක්‍රමය ආදිය තාක්ෂණික කොන්දේසි යටයි. ඒක කිසි විටකත් මිනිස්සු සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහ නෙමෙයි. දවස තිස්සෙ එකම රෙදි මාස්ක් එක ඇඳගෙන, අතරින් පතර සාක්කුවෙ දාගෙන, මාස්ක් එක පහත් කරලා මූණ කහන හැසිරීමෙන් රැකවරණයකට වඩා වෙන්නෙ හානියක්. නමුත් මේ මාධ්‍ය සහ දැනුවත් නැති පොලිස් නිළධාරීන් දිරිමත් කරමින් ඉන්නෙ එහෙම හරි කමක් නෑ දාපල්ලා කියන එක.

එහෙම පසු බිමකදි හෙට කොලඹ ගම්පහ ඇඳිරි නීතිය ඉවත්කරාම මේ විදිහටම මාස්ක් නැති මිනිස්සුන්ට ප්‍රශ්න වෙන්න පුලුවන්. අතට අහුවෙන රෙදි කෑල්ලක් මාස්ක් එකක් විදිහට වැරදියට යොදාගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. අනිල් ජාසිංහ මහත්තයා විශේෂ ප්‍රකාශයක් කරල ඒක නිවැරදි කරලා තියනවා. ඔහු මේ මොහොතෙ වීරයෙක් වෙන්නෙ ඒ නිසා.

  • මාස්ක් දැමීම අනිවාර්යය නැහැ.
  • මාස්ක් එකක් නැ කියල කාවවත් එලවන්නවත් කඩේ ඇතුලට නොගෙන ඉන්නවත් බැහැ.
  • මාස්ක් තියන අය දැම්මට කමකුත් නෑ. හැබැයි හරියට. අත් සේදීම ආදී අනෙක් සෞඛ්‍ය පුරුදු සීයට සීයක් කරන ගමන්
  • මීටරයෙ දුර පවත්වා ගැනිම, අත් සේදීම, ඒවට පහසුකම් සැපයීම, අතින් මුහුණ නොඇල්ලීම මාස්ක් දැමීමට වඩා ප්‍රමුඛතාවය දිය යුතු කාරණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button