සමාජ

“බුදු හාමුදුරුවොත් වෛද්‍ය උපදෙස්වලට කීකරු වුණා. ඒ ආදර්ශය අපිත් පිළිපදිමු.”

- ගල්කන්දේ ධම්මානන්ද හිමි

කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා සියලු දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් ලබාදෙන උපදෙස් මනාව පිළිපදිමින් සාමුහිකව වගකීම් සහගතව කටයුතු කළ යුතු බව ගල්කන්දේ ධම්මානන්ද හිමි අවධාරණය කරයි.

උන්වහන්සේගේ ප්‍රකාශය පහතින්,

“බුදු හාමුදුරුවෝ තමන්ගෙ ලෙඩදුක් සිදුවුණු අවස්ථාවලදි ජීවක කෝමාර පච්ච වැනි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තා. ඒ වෛද්‍යවරුන් දුන් උපදෙස් අනුව කීකරු වෙමින් කටයුතු කළා. ඒ තමයි අපට තියෙන ආදර්ශය.

මේ මොහොතේ අපි වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් එන උපදෙස් දේව වාක්‍ය සේ සලකලා ඒවාට අනුගතව කටයුතු කරන්න හැම කෙනෙකුම.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොරියාව – ඉතාලිය වගේ රටවල සිදුවුණු දේවල් වගේම ලංකාවෙ වෛද්‍ය සංගමය ඉදිරිපත් කරන අදහස් අනුවත් මේ මොහොත හරියට කළමනාකරණය කරගත්තෙ නැත්නම් තව මාස එකහමාරක් විතර යනකොට අපේ රට රෝහල් රෝගීන්ගෙන් පිරී ගියපු, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරගන්න බැරිව පෝලිමේ රෝගීන් ඉන්න, ලංකාවෙ වෛද්‍ය – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට කළමනාකරණය කරගන්න බැරි මහා ව්‍යසනකාරී තත්වයක් ඇති වෙන්න නියමිතයි අපි මේ මොහොත හරියට කළමනාකරණය කරගත්තෙ නැතිනම්.

ඒනිසා අපි බුද්ධිමත්ව කටයුතු කරමින් මේ ව්‍යසනකාරී තත්වයෙන් ගොඩ එන්න සාමුහිකව වගකීම් සහගතව කටයුතු කරමු !”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button