දේශීය

“කොරෝනා මඩින ඖෂධයක් ලංකාවේ තියනවා…. ඒක තවමත් රහසක්”

- විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල

කොරෝනා වෛරසය මැඩලිය හැකි ඖෂධයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතු බව කොරෝනා වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල පවසනවා. වෛරසය ආසාදිතවූවන්ට ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය විශේෂඥයන්ගේ අනුමැතිය ලද වහාම අදාල ඖෂධය භාවිතයට ගන්නා බවයි ඇය පෙන්වා දෙන්නේ.

එම ඖෂධය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනට හෙළි කිරීමට හැකියාවක් නොමැති බවත්, වෛද්‍ය අනුමැතිය ලද වහාම ඖෂධය පිළිබඳව හෙළි කරන බවත් වෛද්‍යවරිය අවධාරණය කරයි.

එම ඖෂධය ප්‍රමාණවත් තරම් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතුව තිබෙන බවත්, බොහෝදුරට හෙට දිනයේදී වෛද්‍යවරුන් විසින් එම ඖෂධය භාවිත කිරීම සඳහා තීන්දු කරනු ඇති බවත් ඇය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button