දේශපාලන

“මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතුයි”

- වනවාසී රාහුල හිමි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතු කාලය එළඹ ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමි පවසයි. එසේ නොවුණහොත් ඒ මහතාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ සරත් ෆොන්සේකා මහතාට සිදුවූ දෙයම සිදුවනු ඇති බවට එහිමි අනතුරු හඟවා සිටියේය.

“ජනාධිපතිවරණයෙදි හැට නවලක්ෂයක් දුන්නේ ගෝඨාභය ගැන ලොකු බලාපොරොත්තු ඇතුව මේ රටේ. හැබැයි දැන් මේ මාස කීපයක් වෙනවා, යම් යම් දේවල් සිද්ධ වුණා මිසක් ජනතාවට දැනෙන දෙයක් සිද්ධ වෙලා නෑ. එකක් තමයි ගෝඨාභය ජනාධිපතිවරයාට මම හිතන්නෙ වැඩ කරන්නෙ දෙන්නෙ නෑ, අනෙකුත් අය කකුලෙන් අදිනවා කියන රාවය සමස්තයක් වශයෙන් මුළු රටේම දැන් පැතිරිලා ඉවරයි.

මම විස්වාස කරනවා ඒක. මොකද එකක් තමයි මේ රටේ හැමදාම වැඩ කරන්න ගිය මිනිහෙකුට කකුලෙන් ඇද්ද එකනෙ කළේ. අදටත් ඒකමනෙ කරන්නෙ. හෙටටත් ඒක කරයි කියලා තමයි මං විස්වාස කරන්නෙ. ඒක තමයි මම කිව්වෙ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අගමැතිවරයාට තමයි බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවේ. එහෙම වෙනකොට ගෝඨාභය ජනාධිපතිවරයාට සීමිත දෙයක් විතරයි තියෙන්නෙ කරන්න. නිකම් ඒක අර සිරිසේන ජනාධිපතිවරයා හිටියෙ – අර පතෝල සහ වැටකොළු තත්වයට තමයි පත්වෙන්නෙ.

ඒක නිසා මම ජනතාවට කියන්න ඕනෙ ගෝඨාභයට නිසි බලයක් දීලා අවුරුදු පහක් දීලා අවුරුදු පහෙන් කෙරුවෙ නැත්නම් එයාවත් ගෙදර අරින එකයි තියෙන්නෙ

මහින්ද රාජපක්ෂ කියන්නෙ මට බොහොම ගරු කරන, ඒ පවුලම මගෙත් එක්ක බොහොම සම්බන්ධකම් පවත්වන, මම දන්න අඳුනන පවුලක්. මහින්ද මහත්තයාට මම පෞද්ගලිකව බොහොම ගරු කරනවා මේ රට නිදහස් කරගත්තට. නමුත් මහින්ද මහත්තයා වටේ ඉන්නෙ අර නිකම් ජරා ගොඩට ඉහඳයො තිබ්බා වාගෙ කොටසක්. බල්ලගෙ ඇඟේ මැක්කො ඉන්නවා වගෙ.

ඒක නිසා මේ වෙනකොට මගෙ පෞද්ගලික අදහස නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇත්තටම නම්බුකාර පිටින් දැන් ගෙදර යන්න අවශ්‍යයි. විශ්‍රාම සුවයෙන් පිනක් දහමක් කරගෙන කටයුතු කරන්න ඕනෙ කාලෙ ඇවිල්ලා තියෙන්නෙ. එහෙම නැතිවුණොත් එහෙම ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාව ඉස්සරහට දාල අනික් හොරු රැළ ඔක්කොම ප්‍රයෝජන අරගෙන අන්තිමේ චන්ද්‍රිකාටයි ෆොන්සේකා මහත්තයාටයි වෙච්ච දේම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙන්නෙ. නම්බුකාර පිටින් පැන්ශන් ගිහිල්ලා නම්බුකාර විදිහට මැරෙන්න වගබලා ගන්න ඕනෙ කියන එක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ”

වනවාසී රාහුල හිමියන් මේ බව පවසා ඇත්තේ හරේන්ද්‍ර ජයලාල්ගේ YouTube වැඩසටහනක දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button