දේශපාලන

රතන හිමි වියත්මග කඩාගෙන වෙන් වෙයි – ඥානසාර හිමි ඡන්දයට

පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි වියත් මගේ රැසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු ‘අපේ ජන බල පක්ෂය’ යටතේ ‘කොඩිය’ ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.

ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ‘කොඩිය’ ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය. ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බදුල්ල දිස්ත්‍රීක්කයෙන් ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ රතන හිමියන් 2018 ඔක්තෝබර් මස 26 සිදුවූ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂගේ පාර්ශවයට සහය දීමට ඉදිරිපත් විය.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග කොට මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් රතන හිමි 4 වන ස්ථානයට පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේය.

මෙම කණ්ඩායම ගොඩ නැගීමට හේතු ද රතන හිමියන් පහදයි ‘හිස්බුල්ලා සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු නොකිරීම, මඩකලපු විශ්වවිද්‍යාලය පිලිබඳ තීරණයක් නොගැනීම, පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ලෙස බාර් හිමි අය හා අධ්‍යාපනයෙන් අඩු පුද්ගලයන් පත්කිරීම’ වැනි කාරනා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button