විශේෂාංග

රතන සූත්‍රය කිව්වම කොරෝනා හොඳ වෙනවද…? මාධ්‍යවල බොරුවට රැවටෙන මෝඩ නාමික බෞද්ධයන්ට ධර්මයෙන් උත්තරයක්

බැමිණිතියාසාය දුර්බික්ෂය නවත්වන්න පිරිත් වලට හැකි වුනාද…? බැරි වුනා. ඒක තමයි ලෝක ධර්මතාව.

විශාලා මහනුවර තුන්බිය සිඳින්න පිරිත් කිව්වේ නෑ. රතන සුත්‍රයේ තියන්නෙ සෝතාපන්න වෙන විදිහ. එදා විශාලා මහනුවර ධර්මය අහල එතන ⁣හිටපු ගොඩක් අය සෝතාපන්න වුන එකයි වුනේ.
ඒ සිදුවිම ඒවං මේසුතං…. කියල සුත්‍රගත කරල රතන සුත්‍රය නමින් ග්‍රන්ථා රූඩ වුනා. ඒක පසුකාලෙ අය ගණ පිහිටුවල පිරිතක් කළා. දැන් පිරිතකින් කරන්නෙ සත්‍ය ක්‍රියාවක්. එය එසේය…. ඒ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා කියන එක. දැන් රතන සුත්‍රයේ තියන්නෙ සෝතාපන්න ස්වභාවය ගැන. ඒක සත්‍ය ක්‍රියාකරන්න හැකි සෝතාපන්න වූ අයට පමණයි. නැති අය කොහොමද සත්‍ය ක්‍රියා කරන්නෙ…?

මේව පටලවගෙන බුදු දහම(ධර්මතාවය) පැත්කට දාල බුද්ධාගමක් කියල වෙනම ඇදහිමක් හදාගෙන මිනිස්සු වෙනම මිත්‍ය දෘෂ්ටියක ඉන්නෙ. ප්‍රශ්නය තියන්නෙ පිරිත්වල නෙමෙයි. පිරිත් කියන අයට ඒකට තියන සුදුසුකමේ. අංගුලි මාල තමන් ආර්ය ශාසනයට පත් වු දා සිට “ස⁣ත්ව ඝාතනය නොකලෙමි. ඒ සත්‍යානුභාවයෙන් මේ කාන්තාවගේ දරු ප්‍රසුතියට යහපතක් වේවා” කියල සත්‍ය ක්‍රියා කළා.

දැන් ඒ සිදුවිම අලලා සුත්‍රයක් (වාර්තා කතනයක්) සකස් වුනා අංගුලි මාල සුත්‍රය නමින්.
ඉන් පස්සේ පසුකාලෙ අය මේ සිදුවිම අලලා ලියු සුත්‍රයට ගණ පිහිටුවල පිරිතක් කලා.
දැන් පිරිතෙ තියන්නෙ “මම මෙසේ අසන ලදී…. අංගුලි මාල මෙසේ කිව. ඒ සත්‍යනුබාවයෙන් යහපතක් වේවා” කියලයි.
ඉතින් සුත්‍රය හරියට ගත්තනම් කරන්න ඕනෙ පිරිත් කිය කිය යන එකද, අංගුලි මාල වගේ ආර්ය මාර්ගයට එන එකද.

ඔන්න ඔතනයි බෞද්ධ කියල නමට විතරක් ඉන්න අය වරද්ද ගත්ත තැන. තමා තුළින් ධර්මය නොදැක. අනුන් රහත් වූ හැටි ගැන කතන්දර අහ අහ පිරිත් කිය කිය යක්කු එළවනවා. තමන්ගෙ ඇතුලේ ඉන්න යකාව එළවගන්න මෝඩ නාමික බෞද්ධයා දන්නෙ නෑ….

තුන්බිය තියන්නෙ තමන් තුළ මිස එළියේ තියෙන දෙයක් නෙමෙයි. එළියට පිරිත් කියල වැඩක් නෑ. තමන්ගෙ ඇතුල පිරිත් නොවී.

පිරිතේ සහ සූත්‍රයේ වෙනස

පිරිතක් කියන්නෙ සත්‍යක් ක්‍රියාවක්. සුත්‍රයක් කියන්නෙ නිර්වාන අවබෝධය පිණිස සාකච්ඡා කළ යුත්තක්. සන්දිට්ඨිකව දැකිය යුතු මාර්ග සිතියමක්.

උදාහරණයකට රතන සුත්‍රය ගනිමු. දැන් මේක සුත්‍රයක් ලෙස ගෙන සාකච්ඡා කලොත් ඒකෙ අන්තර්ගතය තමයි සෝතාපන්න බව යනු කුමක් ද කියල එහි දක්වා තිබිම. දැන් මේක පිරිතක් ලෙස ගෙන සත්‍ය ක්‍රියාවක් කල හැක්කේ කුමන මට්ටමේ කෙනෙක්ටද…?

සෝතාපන්න භාවය ගැන කියල තියන දෙයක් සත්‍ය ක්‍රියා කල හැක්කේ. එහි සත්‍යයය සන්දිට්ඨිකව දැකගත් කෙනෙකුට පමණයි. ඒ කියන්නෙ අවමය සෝතාපන්නවත් නොවන අය රතන සුත්‍රය පිරිත් කලාට වැඩක් නැහැ. එසේනම් පිරිත් වැඩ කරන්නෙ ආර්ය ශ්‍රාවක, අෂ්ඨ පුර්ස පුද්ගලයන් එය සත්‍ය ක්‍රියා කලොත් පමණයි.

කන පැලෙන්න ගස්වල ලවුඩ් ස්පිකර් දාගෙන පෘතක්ජන අය කොච්චර පිරිත් කිවත් සත්‍ය ක්‍රියා කළත් වැඩක් වෙන්නේ නෑ. මොකද තමන්ට සන්දිට්ඨික නොවූ ධර්මතාවයක් සත්‍ය ක්‍රියා කලාට වැඩක් නෑ. ඒක අසත්‍ය ක්‍රියාවක් වෙනවා විතරයි.

බුදුවරු පිරිත් කිවෙ නෑ. සුත්‍ර කිව්වෙත් නෑ…. බුදුවරු කලේ අවස්ථානුකූලව උපමා රැගෙන සත් ධර්මය යමෙකු අරඹයා දේශනා කිරීමයි. පසුව ඒ දේශනා “ඒවං මේසුතං….” ලෙස සුත්‍රගත කළා. ඒවා පසුව ගණ පිහිටුවලා පිරිත් ලෙස සකස් කළා.

ඉතිං මිනිස්සු රතන සුත්‍රයෙන් ආර්ය මාර්ගය විමසන්නෙ නැතුව. රතන සුත්‍රය පිරිතක් කරගෙන යක්කු අමනුස්සයො එලව එලව ඉන්නවා. සසරම පෝෂනය වෙනව හැර, මිදීමක් එතන නැහැ. ඒකයි ඇත්ත.


අමිල ජයකොඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button