දේශීය

“ලෝකයේ කොයි රටටත් වඩා අපේ කොරෝනා මර්දන ක්‍රමවේදය තමයි සාර්ථකම”

- ජනාධිපති ගෝඨාභය රාජපක්ස

ලෝකයේ අනෙකුත් සියලුම රටවල්වලට වඩා පළමුවෙන්ම කොරෝනා මර්දන ක්‍රමවේදයක් ආරම්භ කළේ ශ්‍රී ලංකාව විසින් බවත් ලෝකයේ සාර්ථකම කොරෝනා මර්ධන ක්‍රමවේදය වී ඇත්තේ ද එම ක්‍රමවේදය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“කොයි රටටත් වඩා මං හිතන්නෙ ලංකාවෙ අපි ඉස්සෙල්ලාම ක්‍රමවේදය පටන් ගත්තා, අපි තමයි සාර්ථකම. ඉතිං මට මේ හැම එක්කෙනාම කරන ඒවා රටවල්වල එනවා, අපි කරපු ඒවා යන්නෙ නෑ.

අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන් අරන් තිබ්බෙ නෑ. එදා ඉඳලාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හුඟක් ඒවා කළා. අපි ලෑස්ති වුණා හැම එකටම”

යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ, ඊයේ(13) කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button