කලා

ගාල්ලට අලුත් fashion එකක්

ෆැෂන් එකක් කියල කිව්වම ගොඩක් අයගේ හිත් වලට නම් එන්නේ ඉතින් රෙදිපිළි විලාසිතා තමයි. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ රෙදිපිළි විලාසිතා ගැන නම් නෙවෙයි. තමන්ගෙ ජීවිතයේ සුන්දරතම අවස්ථාව ලස්සන කරගන්න පුලුවන් විදියේ තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ දේවල් කියන්න ඉස්සර වෙලා අපි බලමු මේ මොකක්ද මේ කතාව කියලා.

මේකේ කතා නායිකාව තමයි මේනකා අමරසිංහ. එයා ඉස්කෝලේ ගියේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයට. ඉන් පස්සේ වැඩිදුර ඉගෙන ගන්න ව්‍යාපාර කළමණාකාර ආයතනයට ඇතුල් වෙලා තමයි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය රැකියාවට එන්නේ. ඉතින් කාලයක් ගියාට පස්සේ එයා රැකියාව පැත්තකට දාලතමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න උත්සහ කරනවා.

ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේනකා wedding cards, wedding boxes හදන්න පටන් ගන්නේ. ඉතින් අපි බලමු මේනකා මේ ගැන මොකද කියන්නෙ කියලා….

මේනකා අමරසිංහ

“මම මුල ඉඳලම මගේ වැඩ පටන් ගත්තේ අන්තර්ජාලය මුල්කර ගෙන. මොකද ඒක මට හිතුනා  පහසු කටයුත්තක් කියලා. ඒ වගේම ඒක වැරදුනේ නෑ. මගේ බිස්නස් එක හුඟක් සාර්ථක වුණා ඒක මම නම් කරේ  fairy hopes.lk කියලා. මට මෙතනදි  ගොඩක්ම හම්බවුණේ විදේශයෙන් එන ඇණවුම්….

මුල්ම කාලෙ මම කළේ birthday cards හදන එක. ඒත් ඔහොම ඉන්න අතරතුරේ එක්කෙනෙක් මට ගෙනැල්ලා දුන්නා wedding cards 500ක ඕඩර් එකක්. මම හිතන්නේ ඒක තමයි මේ බිස්නස් එකේ turning point එක. එදා ඉඳලා මම birthday cards හදන එක නතර කරලා wedding cards, wedding boxes හදන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම මම කරන්න පටන් ගත්තේ ලේසර් තාක්ෂණයෙන්. මේවට මම දැව පවා භාවිතා කරා. ඒවාටත් හොඳ ඉල්ලුමක් තිබුණා. ඉතින් මම කාලයක් තිස්සේ කරගෙන ගිය fairy hopes.lk ඔන්ලයින් බිස්නස් එක හුඟක් ජනප්‍රිය වුණා. මීට කලකට ඉස්සෙල්ලා පටන් මගේ බිස්නස් එක තිබුණේ කොළඹ ආශ්‍රිතව ඒත් දැන් මම ගාල්ල දක්වාත් මගේ ව්‍යාපාරය දියුණු කළා.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි  ටික දවසකින් මම මගෙම කියල ගාල්ලේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කරන්නෙ.  ඉතින් ඒක නිසා මෙතෙක් අන්තර්ජාලයෙන් මාත් එක්ක සම්බන්ධ නොවුණු  අයට මගේ ව්‍යාපාරික ආයතනයට ඇවිත් මාත් එක්ක  සම්බන්ද වෙන්න පුළුවන් ඒ ඇයගේ විවාහ උත්සවයේ invitation card එකේ ඉඳලා cake boxes හදන ඒවා පවා සියල්ල සිද්ධ කරගන්න. ඉතින් මේක තමයි මම ඔන්ලයින් බිස්නස් එකෙන් පසු පටන් ගන්න  මුල්ම ව්‍යාපාරික ආයතනය ඉන්පස්සෙ තවත් ව්‍යාපාරික ආයතන කිහිපයක් විවෘත කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මම මගේ ව්‍යාපාර ආරම්භ කරනකොට ගොඩක් අයගෙන් ඒකට බලපෑම් එල්ල වුණා. ඒත් ගෙදර අය මට උපරිම සහයෝගය දුන්නා. මම කැමතියි මට දෙන අභියෝග බාරගන්න. ඒකෙ ප්‍රතිඵලයක්  විදියට තමයි තව ටික දවසකින් මම ගාල්ලේ මගේ ව්‍යාපාරික ආයතන ආරම්භ කරන්නේ.”

ඉතින් ඔයාලත් ගාල්ලට අලුතින් එන fairy hopes විලාසිතාවත් එක්ක අත්වැල් බැඳ ගන්න බලාගෙන ඉන්න….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button