සමාජ

“පෙර වැරදි ඇති අයට නාමයෝජනා දෙන්න එපා….”

- මිහින්තලේ විහාරාධිපති හිමි

පෙරවැරදි පවතින කිසිවෙකුට මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදෙන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරන බවත් එවැනි පුද්ගලයින් සඳහා නාම යෝජනා ලබාදීමට කටයුතු කළහොත් ඔවුන් පරාජය කිරිමට සංඝරත්නය මූලිකත්වය ගන්නා බවත් මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමියෝ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ උන්වහන්සේ පවසා සිටියේ, පාර්ලිමේන්තුවට යෑමට බලාපොරොත්තු වන 225 දෙනා අතරින් පෙර වැරදි සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන්නැයි සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

කෙසේ හෝ එවැනි අයෙකුට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඒ අයට පරාජය කිරීමට සියලු ප්‍රජාව එකතු කර ගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමියෝ අද වනවිට නළු නිළියන් හා ගායක ගායිකාවන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇතැයි ද කියා සිටියහ.

එසේ සිදුව ඇත්තේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වී ඇති නිසාවෙන් බවත් පැවසු උන්වහන්සේ නළු නිළියන්ට නාම යෝජනා ලබා දිය යුතු නම් උගත් හා බුද්ධිමත් නුවණක් ඇති අය පමණක් පාර්ලිමේන්තුවට යැවීමට නාම යෝජනා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button