දේශීය

චීන කත දූෂණය කළ ‘පොහොට්ටුවේ රත්තරංට’ හැරෙන තැපෑලෙන්ම ඇප

චීන කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කර තිබෙන අතර, ඔවුන්ට විදෙස් ගමන් තහනම් කර ඇත.

දූෂණයට ලක් කර ඇති 36 හැවිරිදි චීන ජාතික කාන්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රිවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරවී තිබේ. මෙම චීන ජාතික කාන්තාව අතවරයට ලක්ව ඇත්තේ ඒ අතරතුරදී ය.

මේ සම්බන්ධයෙන් ඇය 2019 මැයි 3වැනි දින ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ. පසුව පොලිසිය 2019 මැයි 06 වැනි දින අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශණ අවසන් කර එහි උද්ධෘත නිතිපති වරයා වෙත යවා ඇත.

ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනො මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button