දේශපාලන

“වත්මන් රාජපක්ෂ ආණ්ඩුව දින 100න්ම අසමත් වුණු ආණ්ඩුවක්”

- වකමුල්ලේ උදිත හිමි

“වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයා බලයට ආවේ ජනතාවට විශාල පොරොන්දු ගොන්නක් ලබාදෙනවා කියලා. නමුත් ඒ කිසිදු පොරොන්දුවක් ඉටුකරන්න බැරිවුන දින 100න් අසමත් වුන ආණ්ඩුවක් බවට ගෝඨාභය මහත්තයා ප්‍රමුඛ ආන්ඩුව ජනතා අප්‍රසාදයට පත්වෙලා තියෙනවා.”

යැයි ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ මේ බව අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වකමුල්ලේ උදිත හිමි,

“විශේෂයෙන්ම ගෝඨාභය මහත්තයා බලයට එනකොට කිව්වා රටේ ජාතික සම්පත් විකුණන් නෑ කියලා. නමුත් අද ඒ පොරොන්දු අමතක වෙලා තියෙනවා.බලයට එනකොට කිව්ව MCC ගිවිසුම සංශෝදන සහිතව හොර රහසේ අත්සන් කරන්න හදනවා. ආණ්ඩුව පවත්වාගෙන යන්න තවත් මාස 06ක් තියෙද්දිත් පාර්ළිමේන්තුව විසුරුවා හැරියේ MCC ගිවිසුම අත්සන්කරන්න ජන වරමක් ගන්නයි.

ඒ විතරක් නෙමේ ඇක්සා ගිවිසුමත් ඉදිරියට පවත්වාගෙන යනවා. එදා මෙම ගිවිසුම්වලින් රට බේරගන්න තියෙන අවසන් අවස්ථාව මේක තමයි ඒ නිසා ගෝඨාභය මහත්තයාට ඡන්දය දෙන්න කියපු උගතුන්, බුද්ධිමතුන්, පුජකයින් අද නිහඩයි.

එදා වඳපෙති ගැන කියමින් ජාතිවාදය අවුස්සපු ඥානසාර හාමුදුරුවෝ අද කියනවා වඳපෙති කියලා දෙයක් නැහැ කියලා. ඒ වගේම එදා ජාතිවාදය අවුස්සපු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මැඩිල්ලේ ප්‍රඥාලෝක, මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවන් අද නිහඬයි. අඩුම ගානේ ඒ ස්වාමින්වහන්සේලා මේ ගැටළු සම්බන්දව ප්‍රකාශයක්වත් නිකුත්කරන් නැහැ. ඒ විතරක් නෙමේ පසුගිය රනිල් ප්‍රමුඛ ආණ්ඩුවෙන් විල්පත්තුව වනය විනාශ කරනවා කියලා පොලොවේ පස්කාපු පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො අද නිහඬයි.

ඒ විතරක් නෙමේ ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ පොරොන්දුවේ තිබ්බ අධ්‍යාපනය සඳහා අග්‍ර ප්‍රමුකත්වය දෙනවා කියපු ආණ්ඩුව අග්‍ර ප්‍රමුකත්වයක් තියා වසර 23ක් පුරා පවතින ගුරු විදුහල්පති ගැටලුවට තාමත් විසදුම් දෙන්න අපොහොසත් වෙලා තියෙනවා. ගැටළු සදහා විසදුම් දෙනවා වෙනුවට පාලකයින් කරන්නේ ජල ප්‍රහාර කදුළු ගෑස් ප්‍රහාර දෙන එකයි.

ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ වේදීකාවේ ජනතාවට කියපු තවත් පොරොන්දුවක් තමයි රාජ්‍ය ආයතන සදහා දූෂිතයින් පත්කරනේ නැහැ කියපු කතාව. එහෙම කියපු ගෝඨාභය මහත්තයා අද වනකොට තමන්ගේ වටේ සිටින හොරුන්, ස්ත්‍රී දූෂකයින්, වංචාකාරයින් රාජ්‍ය ආයතනවල මුල්පුටුවලට පත්වීම් ලබාදීලා තියෙනවා.

ඒ නිසා මෙවර 09 වන පාර්ළිමේන්තුව සදහා ජනතාවට වගකියන ජනතාවාදී පිරිසක් පාර්ළිමේන්තුවට පත්කර යැවිය යුතුයි.

ස්ත්‍රී දූෂකයින්, මංකොල්ල කාරයින්, එතනෝල් කාරයින්, වංචාකාරයින් පත්නොකර ඉන්න ජනතාව වගබලා ගන්න අවශ්‍යයි. ඒවැනි පිරිසක් ඉන්නේ ජාතික ජන බලවේගයේ විතරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button