ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නවීකරණය කරන ලද අම්පාර, සෙනරත් සෝමරත්න ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පසුගියදා අම්පාරේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙරට පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දියවැඩියාව වැනි රෝගවලට පවා ගොදුරු වී ඇති බැවින්, ශාරීරිකව හා මානසිකව නිරෝගී සිසු පරපුරක් බිහිකිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන බවද විශේෂයෙන් පාසල්වල පළමු වාරය තුළ නිවාසාන්තර ක්‍රීඩා, බිග්මැච්, අධ්‍යයන චාරිකා වැනි විෂය බාහිර කටයුතු රැසක් ක්‍රියාත්මක වන්නේද දරුවන් තුළ නිරෝගී සහ ක්‍රියාශීලී ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විවිධ හේතු සඳහන් කරමින් දෙමව්පියන් විසින් දරුවන් ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාවලින් ඈත්කරන්නට තැත්කිරීම නොකළයුත්තක් බවද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button