දේශීය

“බොදුබලේ අන්තවාදී නෑ…. විජේදාස කියන්නේ බොරු….”

- ඩිලන්ත විතානගේ කියයි

බෞද්ධ අන්තවාදය පතුරුවන බවට සහ නෝර්වේ රාජ්‍යයෙන් මුදල් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක නිළධාරී දිලන්ත විතානගේ පවසන්නේ එම අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

හැකියාවක් ඇත්නම් තම සංවිධානය සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණ සාක්ෂි සහිතව මෙම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස ද දිලන්ත විතානගේ විසින් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ වෙත අභියෝග කර තිබේ.

තම සංවිධානය කිසිවිටෙකත් අන්තවාදී ලෙස කටයුතු කර නොමැති බවත්, සෑම විටම සත්‍ය ප්‍රකාශ කරමින් බුදුදහමට එරෙහිව ගෙනයන අන්තවාදී වැඩපිළිවෙල සම්බන්ධයෙන් හෙළිදරව් සිදුකළ බවත්, බොදුබල සේනා සංවිධානය විසින් සිදුකළ හෙළිදරව් සත්‍ය බව පාස්කු ප්‍රහාරයෙන් පසුව තහවුරු වූ බවත් විතානගේ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button