පුරවැසි කොළම

වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය

වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය

වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය.

උදාහරණ….

ඇවන්ට්ගාඩ් නඩුව ආවේය, නිශ්ශංක සේනාධිපති සිරි සදහම් ආශ්‍රමයේ දායකයෙක් ය…. විජේදාසද එසේමය…. විජේදාස අධිකරණ ඇමති ලෙස ඒ නඩුවට බලපෑම් කලා යැයි චෝදනා එල්ලවුනා මතකය.

ගෝඨාභයට, මහින්දට එරෙහිව නඩු වැටුනේය, ගෝඨාභය, මහින්ද දෙදෙනාම සිරි සදහම් ආශ්‍රමයේ දායකයන් ය, විජේදාසද එසේමය…. නඩු අයාලේ ගියේය. විජේදාසම පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රාජපක්ෂලා බේරුවේ තමන් යැයි කියාය.

ගෝඨාභය ඡන්දයට ආවේය, ගෝඨාභයත් සිරි සදහම් ආශ්‍රමයේ දායකයෙක් ය. ඉරාජ් ද එසේමය. ඉරාජ් ගෝඨාභය වෙනුවෙන් කළ හැකි සියළු දේ කරමින් ඔහුව ජනාධිපති කරන්නට පාර කැපුවේය. (සජිත් දායකයෙක් නොවේ)

පෙර ආණ්ඩුවේ කතන්දර ඉවර විය….

අලුත් ආණ්ඩුවක් පත්විය….

දැන් නඩු වැටෙන්නට නියමිත ඇමතිලා අතර ඉහළින්ම කියවෙන නමක් වන්නේ ‘රවී කරුණානායක’ ය. ඔහුට නාඩිය තේරී ඇති අතර, සිරි සදහම් ආශ්‍රමයේ අලුත් දායකයා ඔහුය. ඉතින් රවීට කිසිම හානියක් සිදුවෙන්නට ඉඩක් නැත.

කුතුහලය ඇති අයට හොයාගෙන හොයාගෙන ගියොත් මීට වඩා ලස්සන කතා හමුවනු ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා සමන්තභද්‍ර හිමි ය. ටිකක් හිතුවොත් මෙය වටහා ගැනුමට අපහසු නොවනු ඇත….


යමිල් තිසර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button