දේශපාලන

ගෝඨාව දිනවූ නිසා ගෙදර කාමරයක් නොමිලේ AC කරලා දෙනවා – ඇමති යවපු අපූරු ලිපිය

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන විසින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් වෙත යවා ඇති බවට සඳහන් වන විශේෂ ලිපියක් හේතුවෙන් සමාජ ජාලාවල ඔහුට දැඩි විවේචන එල්ලවෙමින් තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට කළ කැප කිරීම අගයමින් ඔවුන්ගේ නිවාසවල කාමරයක් නොමිලේ වායුසමීකරණය කර දීමට සූදානම් බවයි.

ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට තම කාර්යාලයට පැමිණෙන ලෙස ඇමැතිවරයා එම ලිපිය මගින් නිලධාරීන්ට ආරාධනා කර ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි විචන ඉදිරිපත් කරන්නන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කල පිරිස්ද බොහෝ සිටිති.

මෙම ලිපිය ව්‍යාජව සකස් කරන ලද්දක්ද හෝ එසේ නොවේදැයි ඇමතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button