දේශපාලන

“මුස්ලිම් අන්තවාදය නැවත හිස ඔසවනවා” – ඡන්දය ළඟ හින්දා මධුමාධව කියයි

මුස්ලිම් අන්තවාදී ක්‍රියා නැවත වතාවක් රට තුල ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවට ගායන ශිල්පී, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පවසයි.

පාස්කු දින ප්‍රහාරයෙන් පසුත් මෙරට තුල මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුවන බව හඬ නැගීම නිසා පසුගිය කාලයේ යම් යම් අවලාද අපහාස කළ බවත් සඳහන් කළ මධු මාධව මේ වන විට ඉන්දියාවෙන් පැමිණ අන්තවාදී දේශනා පවත්වන අන්තවාදී කොටස් රට තුළ සිටින බවටත් ආරක්ෂක මණ්ඩලය සඳහන් කර ඇති බව පවසයි.

යළිත් පාස්කු දින ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් වනතුරු නොසිට, නැවතත් හිස ඔසවන මෙම අන්තවාදී කොටස් වලට ආමන්ත්‍රණය කරන ලෙස ඔහු මුස්ලිම් දේශපාලන, ආගමික නායකත්වයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button