දේශීය

දක්ෂිණ අධිවේගයේ ජනාධිපති, අගමැති නිලරථ ගාස්තුවලින් නිදහස්

මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක් ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 850ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද ලෙස ගාස්තු අය කෙරෙනු ඇති.

ඇක්සල දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 1400 ක්ද, කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 ක් ලෙසද ගාස්තු අය කෙරෙනවා.

ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කොට්ටාව සිට මත්තලට රුපියල් 2400ක්ද, කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක් ද සහ කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක් ද ලෙස ගාස්තු අය කෙරෙන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එහි සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button