දේශීය

සාමණේර නමකට නායක චීවරධාරියා අතවර කරලා…. සාමනේර කෝච්චියට පනින්න යද්දී පොලිසියට හමුවෙයි….

බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක් විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමිනමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

මෙම සැකකාර විහාරාධිපති හිමියන් පිරිවෙනක්ද පවත්වාගගෙන යන අතර මොණරාගල වැනි දුරබැහැර ප්‍රදේශවල දුප්පත් දරුවන් මෙම විහාරස්ථානයේ පැවිදි කරවා ගැනීම සිදුකර ඉන්පසු පිරිවෙන වෙත යොමුකර අධ්‍යාපනය ලබා දෙයි.

එසේ අධ්‍යාපනය ලබා ලබමින් සිටි මෙම සාමණේර හිමිනමට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි පැවසේ.

අනතුරුව සාමණේර හිමිනම දුම්රියට පැන සියදිවි හානිකර ගැනීම සඳහා පන්සලෙන් පැන දිව යන විට ඔහු අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට හමුවී ඇත.

සිද්ධිය පිළිබඳව අනාවරණය වීමෙන් අනතුරුව සාමණේර හිමිනම බෙන්තොට පොලීසියට භාරදී ඇත.

බෙන්තොට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන පසුගිය 18 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව සැකකාර හිමිනම දින 14 කට රක්ෂිත බන්ධනාගාර කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබේ.


ධර්මදාස සිරිවර්ධන

One Comment

Leave a Reply to Randy Cancel reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button