දේශපාලන

සායින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි

සායින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ, මුළු රටේම මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

සායින්දමරුදු නගර සභාව අහෝසි කරමින් ඉදිරියේදී ගැසට් නිවේදය නිකුත් කරනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන පවසා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button