දේශීය

කොරෝනා වැළඳුනු චීන කාන්තාව සම්පුර්ණයෙන් සුවයි…. අද උණ රෝහලෙන් නිදහස් කරනවා….

කොරෝනා හෙවත් අද වනවිට කොවිඩ් 19 ලෙස හඳුන්වන වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තාවන අතර, ඇය අද දිනයේ රෝහලෙන් පිටව යාමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මාසකට ආසන්න කාලයක් අංගොඩ උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ඇයට අවසන් වරට සිදු කරන ලද සියළු සායනික පරික්ෂාවන්හිදී කිසිදු වෛරස් ආසාදිත තත්ත්වයක් නැති බව සහතික කර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button