දේශීය

“සායින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොඳ වැඩක්…. කලබල වෙන්න තරම් දෙයක් නෑ”

සායින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.

එමෙන්ම කල්මුනේ ප්‍රදේශයේ දෙමළ ජනතාව කලක් තිස්සේ ඉල්ලන කල්මුනේ ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබාදී එම ජනතාවගේ පරිපාලනමය ගැටළු විසදීමට කටයුතු කල යුතු බවද එහිමි පවසා සිටිනවා.

රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැඩියෙන්ම මුස්ලිම් විරෝධය පෑවේ බොදු බල සේනා සංවිධානයයි. අලුත්ගම සිද්ධියෙන් පසු නුවර සිද්ධිය එනතෙක් ඒ පාර කැපුවේ මේ සංවිධානයයි. අවසානයේ සහාරාන්ලා බෝම්බ ගසුවායින් පසු ජනාධිපති සමාව අරන් ආපු ඥානසාර හාමුදුරුවෝ කිව්වේ “අපි දැනගෙන උන්නා ගහන එක…. ඕනේ නම් තව ඔත්තු දෙන්නම්” කියලයි. මුස්ලිම් අන්තවාදීන්ගේ “කන පලනවා” කියලත් කිව්වා. සයින්දමරුදු කියන්නේ සහරාන්ගේ කණ්ඩායම් ඉන්න තැනයි කියලා හාමුදුරුවෝ කිව්වා. දැන් අපිට අහන්න තියෙන්නේ හාමුදුරුවොද උපදෙස් දුන්නේ වෙනම නගර සභාවක් දෙන්න කියලා…. දැන් දැන් වෙනම නගර සභාවක් හොඳයි කියන්නේ, හාමුදුරුවන්ට ලැබුණු තොරතුරු මතද? දැන් ඔබ වහන්සේ බෞද්ධයා වෙනුවෙන්ද ඉන්නෙ….? නැත්නම් ඔබවහන්සේට වහකදුරු වුනු මුස්ලිම් ජනතාව වෙනුවෙන්ද….?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button