විදේශීය

“ආගමක් විවේචනය ‌හෝ අපහාසය අපරාධ වරදක් නොවේ”

- ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්

ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රෝන් ඇතුළු ප්‍රංශයේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් නොවන බවට අවධාරණය කරන ලදී. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගියදා ඉස්ලාමීය තරුණියක විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ප්‍රචාරණයකදී ඉස්ලාම් දහම විවේචනය කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනාය. ඇයගේ මෙම ක්‍රියාවත් සමග ශතවර්ශ ගණනාවක් තිස්සේ ප්‍රංශය තුළ නීත්‍යානුකූල ක්‍රියාවක් ව තිබූ දෙවියන් හෝ යම් ඇදහිල්ලක්, ආගමක් අපහාසයට ලක් කිරීම පිළිබදව කතිකාවක් ඇතිවී තිබේ.

මේ පිළිබදව Le Dauphine Libere පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනපති මැක්‍රෝන් පවසන ලද්දේ “නීතිය පැහැදිලියි… විකට ආගමකට අපහාස කිරීමට, විවේචනය කිරීමට අපට අයිතියක් ඇත. රජයේ නීතිය වෛරය අවුස්සමින් ගෞරවය කෙළෙසීම අරමුණූ කරගත් එකක් නොවේ.”

මෙම මතභේදය ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස අගදී 15 හැවිරිදි මිලා නම් දැරිය ඉන්ස්ටාග්‍රෑම් සමාජමාධ්‍ය තුළ පවත්වාගෙන ගිය වේෂනිරූපණය පිළිබඳ වැඩසටහනකදී තම සමලිංගික භාවය පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමත් සමගිනි. ප්‍රංශ රූපවාහිනිය තුළ අදහස් දක්වමින් මෙම සිදුවීම පිළිබදව අදහස් දක්වන මිලා පවසන්නේ සිය සජීවී විකාශනය අතර තුර තමන් සමරිසි කාන්තාවක් බව පැවසූ පසු එක් අදහස් දක්වන්නෙක් තමාව නිර්දය ලෙස විවේචනය කළ බවත් තවත එක් මුස්ලිම් ජාතිකයෙකු ඇයව “දුෂ්ශීල සමලිංගික කාන්තාවක් බවට” අපහාස කළ බවත්ය.

ඊට ප්‍රතිචාර වශයෙන් මිලා ඉස්ලාමයට එරෙහිව කියා සිටියේ “මම ආගමට වෛර කරමි. අල් කුර්ආනය වෛරයේ ආගමකි.” යනුවෙනි.

ඇගේ මෙම අදහස් දැක්වීමෙන් පසු,
#JeSuisMila යන ජනප්‍රිය හැෂ් ටැගය භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලවල විශාල විවාදයක් ඇති විය.

මිලාට සහයෝගය දැක්වීමේ එක් දක්ෂිණාශික ව්‍යාපාරයක නායක මැරීන් ලෙ පෙන් විසින් පැවසුවේ මිලාට “පසුගිය වසර 30 ක කාලය තුළ බලයේ සිටි සමස්ත දේශපාලනික පංතියට වඩා ධෛර්යයක්” ඇති බවය.

එමෙන්ම මේ සමග ඇයට එරෙහි අදහස් දක්වන්නන්ගේ විවේචනද දැඩි වූ අතර ඇයට ජීවිත තර්ජනද එල්ල විය. ඇයගේ පාසැල මාරු කරන්නට පවා මෙම සිදුවීම හේතු වී ඇත.

ඇගේ ආරක්ෂාව සම්බන්ධව අදහස් දක්වමින් ජනපති මැක්‍රෝන් පවසන්නේ පාසැලේදී, “ඇගේ එදිනෙදා ජීවිතයේදී, ඇගේ ආරක්ෂාව සහතික කිරීම අපගේ වගකීමක්” යනුවෙනි

එමෙන්ම හිටපු සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සෙගොලීන් රෝයල් කියා සිටියේ ආගම විවේචනය කිරීමේ මිලාගේ “පූර්ණ” නිදහස තමන් ආරක්ෂා කරන බවයි.


හංසනී සම්පත්
(outboundtoday.com ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button