පුරවැසි කොළම

ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු….

එදිරිමුණි තව හොඳයි බලන් ගියාම. බණ කියනවා කියලා මේවද මිනිස්සුන්ට කිය කිය ඇවිදින්නෙ කියලත් හිතෙනවා ඒ කියන ගොබ්බ කතා ඇහුවම…. “ගෙදර ගෑනි මිනිහට කලින් නැගිටින්නැත්තං ඒ ගෑනි වෛශ්‍යාවකට සමානලු…. ගෑනියෙක් උනාම නින්ද අඩුවෙන් ලබන්න ඕනලු…. මිනිහට පස්සෙ නිදාගන්න යන්න ඕනෙලු…. දවස ගාණෙ රෙදි හෝදන්න ඕනෙලු…. ගෑනි අඳින්න ඕන මිනිහා කැමති ඒවා විතරලු…. මිනිහා කන්න කැමති නැති කිසිම කෑමක් ගෙදර හදන්න එපාලු….”

ගෑනු උයලා ගේන දානෙ කාලා බඩ පුරවගන්න චීවරධාරියොද ගෑනු ඉන්න ඕන විදිය උගන්නන්න එන්නෙ….? අවුරුදු 30ක් 40ක් ස්වාමිපුරුෂයාට ඕන විදියට සැප නොලබා ජීවත් වෙන්නලු…. එහෙම අඩු නින්දක් ලබාගෙන, ලස්සනට අඳින්නෙ නැතුව සැප නොලබා ඉඳලා මැරුණම නිම්මාන රතියට යනවලු…. පොඩි කාලෙ ම ගිහින් පන්සලේ අත ඇරලා ආපු, පොඩි කාලෙ ඉඳන් පිනට කාලා බීලා උස්මහත් වෙච්ච, හම්බ කරන් කන එක කොච්චර අමාරුද කියලා දන්නෙ නැති, පවුල් ජීවිතයක් ගැන දැනුමක් නැති, පන්සලේ සැප ජීවිත ගත කරන හාමුදුරු නමක් ගෑනු ඉන්න ඕන විදිය උගන්නනකොට, අපේ කොන්ද පණ නැති සමහර පිරිමි ටික ගිහින් සාදු සාදු සාදුලු….

දැන් ලංකාවෙ තියන ආර්ථිකයත් එක්ක ගෑනු මිනිස්සු දෙගොල්ලම හම්බ කරනවා, එක වගේ මහන්සි වෙනවා…. ගෙවල්වල වැඩ ලස්සනට ශෙයා කරගෙන කරනවා…. හාමුදුරුවො කියනවා “මිනිහා ගෑනිට තේ එකක් හදලා ගෙනත් දුන්නොත් ඒ ගෑනි අපායෙ යනවලු…. හාමුදුරුවන්ගෙ අම්මා නං ඔය කියන ජාති ඔක්කොම කරපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම යහපත් බිරිඳක්ලු…. හැමදාම නිදාගත්තෙත් ගෙදර හැමෝටම පස්සෙලු….” මට හරි දුකයි ඒ අම්මා ගැන…. තේ එකක්වත් හදාගන්න දන්නැති ගොන් පිරිමියෙක්වනෙ ඉතිං කසාද බැඳගෙන තියෙන්නෙ…. හාමුදුරුවො හිතාගෙන ඉන්නෙ හාමුදුරුවන්ගෙ තාත්තා වගේ අනිත් පිරිමිත් තේ එකක් හදාගන්න බැරි, අතපය කොර වෙච්ච උන් කියලා….

එහෙම එකක් නෑ හාමුදුරුවනේ, ඔබ වහන්සේට සාදු සාදු කියන අබ්බගාතයො ටික ඇරුණාම තමන්ගෙ වැඩ ටික ලස්සනට කරගෙන, අම්මා රෙදි හෝදලා දුන්නම ඒ ටික පිළිවෙළට නමලා දෙන, ඉඳලා හිටලා හරි අම්මටත් තේ එකක් හදලා දෙන, උයනකොට උදව් කරන්න බැරි නං අඩු ගාණෙ කයිය ගගහ ලඟට වෙලා හරි ඉන්න, අඩු ගාණෙ ෆ්‍රිජ් එකෙන් දෙහි ගෙඩියක්, රම්පෙ කොලයක් අරන් දෙන ස්වාමිපුරුෂයොත් මේ ලෝකෙ ඉන්නවා…. ගෑනුන්ට වඩා රහට උයන පිරිමි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා.. (අපේ සීයටත් හොඳට ඉව්වැහැකි ඕයි..) උන්ට ගෑනු ඕන නෑ ඔය කියන ඒවා කරගන්න.. ඒ නිසා මිනිස්සුන්ගෙ චින්තනය තවත් මොට නොකර ඉන්නවා නං තමයි හොඳ…. ගොන් කතා කියනවා මදිවට, කිව්වෙ ගොන් කතාවක් නේද ඇහුවම පේජ් එකෙනුත් බෑන් කරලා…. නිම්මාන රතියට නොයන ගෑනුන්ගෙ කමෙන්ට්වලටත් බයයි, මහලොකු ඇඩ්මින් හාමුදුරුවො….

ඔය කියන ඒවා ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ඒවද කියලවත් ඒ මිනිහට තේරුමක් තියනවද දන්නෑ…. නැත්තං ඉතිං ගොනා වගේ කියයියෑ “අද දවසේ අඳින රෙදි අද ම හෝදන්න” කියලා…. ඒකෙන්ම තේරෙනවා මිනිහට පවුල් ජීවිතේ ගැන තියන පුළුල් අවබෝධය….

පුබ්බුට්ඨායනෝ, මං කියන්නෑ ඉතිං….


හිරු ඩයස්

20 Comments

  1. ධර්මයට අපහාස කිරීම මෙම පුවත්පතේ මුලිකම අරමුන වේ.මහනායක හිමවරු පිලිබදව තීරනයක් ගතයුතුය.

    1. මේකද ධර්මය?
      මහානායකලාට මේ සම්බන්ධව තීරණ ගන්න කියන්න. එතකොට ඔවුන්ගේ ධර්මය ඔවුන්ගේ ක්‍රියාවන් වලින් පෙනේවි. 🙂

      1. Thamusege education qualifications monawada ? Arts thamai karanna aththe ekane me vage amana review ekak dala thiyenne

        1. interview එකක් මෙහි දමා නැත. කලා විෂයන් කළ පමණින් මෙසේ යයි කීමට ඔබට අයිතියක් නැත. මෙහි සඳහන් වන්නේ එම හිමිනම විසින් ඉරිදිපත් කරන ලද බණක් යයි කියන කතාවකි. ඔබ ඔය කරුණ එම හිමිනමට කියන්න.

      2. අංගුත්තර නිකාය අට්ඨක නිපාතය උපෝසථ වර්ගය විශාකාමනාපකායික සූත්‍රය කියවල එන්න .ඔයා ධර්මය ගැන මොනවත් නොදැන කියවන්නෙ

    2. Buddha deshanawa kiyanne nathiwa bayila kiyanakota ohoma thama.. deshanawa hariyata kiwwanan minissu ohoma gaeahanne nane..

  2. Oba jesu adahana kenek wenna one me wage boru dewal danna kalin passku praharayedi obala samaga sitiye bauddayan bawa amataka nokaranna

    1. බොරු දේවල් වෙන්නේ කොහොමද? ඔය හාමුදුරුවෝ වීඩියෝ එකකින් කියන්නේ…. ඇහැට පෙන්න තියෙද්දී බොරු කියන්නේ ඇයි?

      අපි කාවවත් අදහන්නේ නැහැ. ඒ නිසා අපි ඒ සීමාවල් වලින් නිදහස්.

    2. Banata suttara pothe nathi ewa hada hada kiyanakota ohoma weno.. kipenna epa ohoma. Ahala balanna koyi deshanaweda thiyenne kiyala 01) parakku wela nagitina birida wesawiyak wage kiyala..? 02 ) samiya biridata the eka hadala dunnama apaye yanawa kiyala thibune koyi deshanaweda kiyala.. ? Apitath danaganna meke post karanna.. obage pilithura api balagena innawa

  3. ammo mu Niragamika booru patiyek ne. man eth baluwa moota mokada mechcharama ridila thiyenne kiyala. Ponnayo tikakge aanduwa dan nahane. ekai ne me. ayyo gon harako anna ara samanali nangita tea ekak hadala deela eyage pantiyath hodala deepan. hik hik hik

    1. අප ආගමික හෝ නිරාගමික වීම ඔබ ගැටළුවක් කර නොගන්න.

      නමුත් ඔබ ආගමිකයෙක් නම්, ඔබගේ ආගමෙහි තරම ඔබගේ වචන වලින්ම පෙනෙන්නේය. එම ආගම විසින් ඔබ තුල ඇතිකර ඇති විනය, කොඩි විනයකි.

    2. Kawru monawa kalath kiuwath wadak na.. walimada unnanse wikurthi darmayak kiyala wade waraddagena iwarayi.. budda deshanawe parakkuwela nagitina gahaniya wesawiyak kiyala na. Apita kagahanna kalin oya hamuduruwongen ahagannako mokakda deshanawa. Koyi potheda thiyenne kiyala. Ethakota api kata piyagannam.. ape buduhamuduruwange dharmaya ehema wikurthi karanna denna puluwanda…

      1. ඔයා මුලු දේශනාවම අහලා මෙතන comment දාන්න එන්න.එතන අදහස් කරන එක දේශනාව අහලා නැතිව තේරුම් ගන්න ඔබට බෑ.අංගුත්තර නිකාය අට්ඨක නිපාතය උපෝසථ වර්ගය විශාකාමනාපකායික සූත්‍රය කියවල එන්න .ඔයා ධර්මය ගැන මොනවත් නොදැන කියවන්නෙ.නවාංග ශාස්තෘ සාසනයම අධ්‍යනය නොකර ඔබට ඕවට පිලිතුරු ලබා ගන්න බෑ.ධනංජය සිටුතුමා දුන් අවවාද වලත් ඔය කරුණ ඇතුලත්.හැමට පසුව නිදාගන්න හැමට පලමුව අවදිවන්න. ඕවගේ විස්තර අටුවා වල පූජාවලියේ ඇති බලලා ඉන්නකො.

  4. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට

    තමන් සැටි මඳක් වත් නොපෙනෙන ලෙසට

    අනුන් දොස දකිති අනුවණ දන කපට

    ඒ මෙ න් සිය නුගුණ නො දකිති නියම කොට

  5. නිම්මාන රථයේ යන්න ඕනේ නෑ… ජීවත් වෙලා ඉන්න කාලේ කාටවත් වරදක් නොවෙන විදිහට නමුත් තමනුත් ස්වාමියාත් කැමති විදිහට හිටියනම් ඇති…
    මට විශ්වාසයි බුදුන් ඔයිට වඩා දෙයක් දේශනා කරන්න ඇති නමුත් මේ චීවරධාරීන් එයින් සුලු කොටසක් විතරක් අරගෙන දේශනා කරනවා…

    1. අන්තිම⁣ට කියන්න දෙයක් නැති වුනාම කවුරුත් කියන දේ…. අනේ පක…. පක පක පක….

  6. “සැමියා ලවා තේක හදා ගැනීම” නැමති උදාහරණය පෙන්වමින් “අය්‍ය සම භාරියා” ගැන ධර්ම දේශනා කළ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට මඩ ගහමින් පව් පුරෝගන්නා හැටි බලන් ඉඳලා බැරිම තැන මෙය ලියන්නේ. මේ දැක්වෙන්නේ උන්වහන්සේගේ සම්පූර්ණ දේශනාව. https://youtu.be/mBhANOZ0VEc අහල බලන්න.

    උන්වහන්සේ දේශනා කරන්නේ ත්‍රිපිටකයේ, සත්තක නිපාතයේ, සත්ත භරියා සූත්‍රය ඇසුරෙන්. ඒ සූත්‍රයේ තමයි භාර්යාවන් 7 දෙනා ගැන දැක්වෙන්නේ.

    1. වධකසම භරියා – ස්වාමියාට වධකාරියක් මෙන් කටයුතු කරන භාර්යාව
    2. චෝරසම භරියා – ස්වාමියාට සෙරක් මෙන් කටයුතු කරන භාර්යාව
    3. අය්‍ය (සාමි) සම භාරියා – ස්වාමියා පහත්කොට කටයුතු කරන භාර්යාව
    4. මාතාසම භරියා – ස්වාමියාට මවක් මෙන් කටයුතු කරන භාර්යාව
    5. භගිනීසම භරියා – ස්වාමියාට සොහොයුරියක් මෙන් කටයුතු කරන භාර්යාව
    6. සඛිසම භරියා – ස්වාමියාට යෙහෙළියක් මෙන් කටයුතු කරන භාර්යාව
    7. දාසීසම භරියා – ස්වාමියාට දාසියක් මෙන් කටයුතු කරන භාර්යාව

    මුල් තුන් දෙනා නිරයේ උපදින අතර අවසන් 4 දෙනා දෙව්ලොව යන බව බුද්ධ භාෂිතයයි.

    දැන් සමහරු හිතන්න පුලුවන් බිරිඳ විතරද අපායේ යන්නේ යනුවෙන්. උන්වහන්සේ අවසානයේදී වදාරනවා

    කාලය 1:38:15 “මේ වාගේ (යහපත්ව) ඉන්නා බිරිඳකට කවුරු හරි ස්වාමියෙක් වද දුන්නොත් එහෙම ඔහුට අලුතෙන් දඬුවම් කළ යුතු නෑ. නිරයේ උපදිනවා”

    හැබැයි කවුරුවත් ඒක පෙන්වන්නේ නෑ, බුදු දහමටත් පින්වත් ස්වාමීන් වහන්සේටත් මඩ ගැසීම සඳහා ස්ත්‍රීවාදීන් කුලප්පු කිරීමට යොදාගත හැකි පාථය පමණයි උපුටා දක්වන්නෙ.

    ත්‍රිපිටකයවත් කියවා නැති නොදරුවන් සහ බුදු දහමට ගරහන කුමන්ත්‍රණකරුවන් ලියන ෆේස්බුක් පි‍ටු කියවා ඒවාට ‍රැවටී සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ත්‍රිපිටක බුද්ධ භාෂිතය ඇසුරෙන් දේශනා කරන ධර්ම දේශනාවක එක් තැනක් විතරක් අල්ලගෙන, උන්වහන්සේට නින්දා ගර්හා කරපු අය උන්වහන්සේට පමණක් නෙමෙයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් අපහාස කළා. ඔවුන් කරගත්තේ “ආර්ය උපවාද කර්මය” නැමති මහා පාපයයි. බුදු දහම ගැන ගෞරවයක් නැති වූ කළ ඔවුන්ට ධර්මය පිහිටන්නේ නැත.මෙය බුදු දහමට පමණක් නොව ඕනම විෂයකට අදාල වේ, ඒ විෂය බොරුවක් බව සිතන්නේනම් එම විෂය පිහිටන්නේ නැත. ඒ නිසා ඔවුන් කරගත් ආර්ය උපවාද පාපකර්මය ගැන දැන්වත් පසුතැවෙනවානම් තෙරුවන් නැමද පහත ගාථාව තේරුම දැනගෙන කියා තෙරුවනින් සමා කරගන්න.

  7. මට හිතෙන්නෙම ධර්ම කරුණු විකෘති කරලා දැන් තියෙන්නේ.අළු විහාරයේත් සැහෙන්න ධර්ම පොත් පිලිස්සුනනේ.අනිත් ඒවා ඔක්කොම ගොඩක් වෙලාවට අහගෙන පැවත ගෙන ඒවා.අනික තමන්ගේ බිරිදට අර කියන විදිහට සලකන එක නරක වැඩක්නේ.එතකොටත් පව් සිද්ද වෙන්නේ නැද්ද?දෙන්නම වැඩ බෙදාගෙන කරාම ඇයි පව් සිද්ද වෙන්නේ? එකේ කිසිම වැරද්දක් නෑනේ .එකෙන් කියන්නේ දෙන්නට දෙන්නා ආදරෙයි තව අනිත් කෙනා ගැන හිතනවා කියන එකනේ.එක හොද මානුශීය ගුණයක්.ඒවා තමන්ගේ ළමයිනුත් දකිනවා,ඒ විදිහට හැදෙනවා.කොච්චර හොදද ?තමාට පිහිට තමාමය කියල බුදුන් දේශනා කළා නේද?ඉතින් තමන්ගේ වැඩ තමන්ම කළා කියල මුකුත් වෙන්නේ නෑනේ.ඒවා කරගත්තා කියල බිරිදට පව් සිද්ද වෙන්නෙත් නෑනේ .

  8. ධර්මය තේරුම් ගැනීමට නුවණක් තිබිය යුතුයි. එසේ ධර්මය තේරුම් ගැනීමට තරම් මොලයක් නැති අය ධර්මය ගැන කතානොකර සිටින්න. බුද්ධ ධර්මය කියන්නේ බණක් ඇසුව ගමන් තේරෙන දේ නෙමෙයි. එහි ඊට වඩා ගැබුරු අදහසක් ගැබ්ව තියනවා. මේ වගේ post දාල හරක් කතා කියවන අය එදත් හිටිය හෙටත් ඉන්නවා. බුදුහාමුදරුවන් දේශනා කරපු දහම තේරුම් ගැනීමට තරම් මොලයක් ඔබට නැතිවීම ගැන මගේ බලවත් කණගාටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button