දේශීය

අපේ රටේ සරසවි සිසුවෙක් හෙළ වෛද්‍ය විද්‍යාවෙන් බිහිකළ විශිෂ්ඨ නිර්මාණයක්

ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ.ධම්මික ප්‍රභාත් සිසුවා සමත් වී තිබෙනවා.

ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ධමිම්ක ප්‍රභාත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයක්වන අතර පොල්හෙන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පළමු වසර අභ්‍යන්තර සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය පිළිබඳව ධම්මික ප්‍රභාත් සිසුවා අදහස් දැක්වූයේ මෙලෙසින්,

“මෙම නිපැයුම බොහෝ කලකට පෙර මම සැලසුම් කළ නිර්මාණයක්.

මේ දිනවල චීනය මුල් කරගෙන ඉතා ඉක්මණින් ලෝකය පුරා පැතිරෙන කොරෝනා වයිරසය හා ඒ නිසා ලාංකික ජනයා දපීඩාවට පත්ව සිටින ආකාරය පසුගිය දින කිහිපය තුළ මම හොඳින්ම දැක්කා. මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් මුඛ ආවරණ අපේ රටේ වෙළෙඳපොළ තුළ තිබුණේ නැහැ.

පවතින මිලට වඩා අධික මිලකට ඒවා අලෙවි කළා. මේ දේවලුත් එක්ක මා නිර්මාණය කළ මුහුණු ආවරණය ඖෂධීය ආරක්ෂිත මුහුණු ආවරණයක් වැඩි දියුණු කළා.

මේ මුඛ ආවරණය ශ්‍රී ලංකාවේ පළමු ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ලෙස හඳුවන්න පුළුවන්. මෙය නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇති සියලු අමු ද්‍රව්‍ය දේශීය අමු ද්‍රව්‍ය වන අතර ඒ සෑම අමුද්‍රව්‍යක්ම දිරා යන දේවල් වීම ද විශේෂත්වයක්.

රාවණ යුගයේ සිට පැවැතගෙන ආවා යැයි විශ්වාස කරන (හෙළ වෛද්‍ය විද්‍යාව) නම් දියුණු වෛද්‍ය ක්‍රමයක් අප සතුව තිබුණත් අද එය භාවිතයට ගන්නේ බොහෝම අඩු පිරිසක්. මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ එන විෂ හරණ විද්‍යාව අපි අධ්‍යයනය කළා අපේ රටේ ඖෂධීය බෙහෙත් ද්‍රව්‍යවලින් අපි මුඛ වැස්ම නිර්මාණය කළා.

එසේම මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ප්‍රධාන වශයෙන් ස්ථිර තුනක් යටතේ නිපදවා තිබෙන අතර විශේෂ ශාඛසාර ඖෂධ යෙදු ස්ථර දෙක්ද දුවිලි පෙරහණ ස්ථරයක් ද මේ සඳහා මා එකතු කළා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button