දේශීය

විහාරාධිපති හාමුදුරුවන් අතින් බරපතල ලිංගික අපයොජනයට ලක්වූ මහව දරුවාගේ කතාව

“මට පහුගියදා එක්තරා මවක් ලිපියක් යොමු කර තිබුණා. මහණ කිරීම සදහා භාරදුන් දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්දයෙන්. මම ඒ පිළිබදව සොයා බලන්න මහව ප්‍රදේශයට ගියා. ඇත්තටම බරපතල ඛේදවාචකයක් එහි සිදු වෙලා තිබුණේ. අවුරැදු 11ක් වයස තමන්ගේ දරුවාව මහණ කිරීම සදහා ඇය විසින් මෙම ස්ථානයට භාරදී තිබුණා.

භාරදුන් දවසේ රාත්‍රියම පන්සලේ යම් තැනකට රැගෙන ගොස් ඒ දරුවාව බරපතල ලිංගික අතවරයක් සිදු කරලා තිබුණා එම විහාරාධිපති හිමි විසින්. ගලයාය පුරාණ මහ විහාරයට තමා ඒ දරුවාව භාරදීලා තියෙන්නේ. දැන් ඒ හිමි අත්අඩංගුවේ පසුවෙනවා”

නීතිඥ උපුල් පවසයි.

තව දුරටත් අදහස් දක්වමින් එම ඔහු ප්‍රකාශ කලේ එම විහාරාධිපති හිමිව මල්වතු මහා විහාර පාර්ශවයෙන් හා ශිෂ්‍යභාවයෙන් වසරේ දී ඉවත් කර ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් 2011 වසරේ එම ඉවත් කිරිම අනුමත කළ නමුත් ඒ හාමුදුරුවෝ එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ ශක්තිය සහ මුදල් බලය භාවිත කරමින් දිගටම එම පන්සලේ රැදී සිටි බවයි.

“මේ සිද්ධියෙන් පස්සේ ඒ දරැවා භය වෙලා උදේ පාන්දර කිලෝමීටර් 2ක් පමණ දුරින් තිබුණු තමන්ගේ නිවසට ගොස් තිබෙනවා. ඒ ළමයගේ නිවස ඒ ප්‍රදේශයේම තිබුණු නිසා මෙම අපරාධය හෙළි වූවත් ඒ පන්සලේ සිටින අනෙක් දරුවන් මාතර ගාල්ල වැනි ඈත පළාත් වලින් ගෙනත් දැමූ දරුවන්. වයස 11ක දරුවෙක් නිසා යම් පමණකට හරි දෙයක් තේරුණාට වයස 3ක 4ක දරුවන් කුමක් තේරුම් ගන්නද කුමක් කරන්නද?”

යැයි නීතිඥවරයා පැවසීය.

දේශපාලන බලය භාවිත කර මෙම සිද්ධිය යට යැවීමට ඔවුන් සූදානමින් සිටින බවත් නීතීඥවරැන් 10 දෙනෙක් පමණ දැනටත් ඊට මූලික වී ඇති බවත්, පොලීසියට දැඩි බලපෑම් ඇති බවත් ප්‍රකාශ කළ නීතිඥවරයා දැනටමත් සාක්ෂි වසන් කරමින් පවතින බව හෙළි කළේය. ආර්ථික හේතුන් වැනි හේතුන් මත කුඩා දරුවන් මෙලෙස මහණ කිරීම ඉතා විශාල අපරාධයක් බවත් මෙම සිද්ධිය වාර්තා වූ සහ මැදිහත් වීමට හැකිවු එක් සිද්ධියක් පමණක් බැවින් මේ සදහා වන නීතිමය ප්‍රතිසංස්කරණ වල විශාල අවශ්‍යතාවක් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button