දේශීය

රෝසැල්ල රක්ෂිතය ගිනි ගනියි

රොසැල්ල, බිංඔය, වටවල, ඉන්චාරා, වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත, වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර 150ක් පමණ විනාශ වී තිබේ.

ගින්න ඊයේ හටගත් බව වාර්තාවන අතර, පොල්පිටිය යුදහමුදා කඳවුරේ නිලධාරීන් හැටන් වන සංරක්ෂණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළේය. ඇතැම් පිරිස් වන සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් වනාන්තරවලට ගිනි තැබීම සිදු කරයි. පවතින වියළි කාලගුණයෙන් ගින්න පැතිර යාමට තවත් හේතුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.


සැලකිය යුතුයි – ඉහත ඡායාරූපය එම ගින්නේ ඡායා රූපයක් නොවේ. එය ගිය වසරේ වටවල ප්‍රදේශයේ රක්ෂිතයක් ඇතිවුණු ගින්නක ඡායාරූපයකි. රෝසැල්ල රක්ෂිතයේ ගින්නේ ඡායාරූප අපට මෙතෙක් ලැබී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button