දේශීය

වාසුදේව මැණික් ජාවාරම්කරුවන් වැටලීමේ STF මෙහෙයුම්වලට හරස් වෙයි

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල කරන බව වාර්තා වෙයි මේ අතර අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී ද පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙම මැණික් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගංගා ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ගංගා ඉවුරු ආරක්ෂා කරගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේ කටයුතු කරන ලදි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙම මැණික් ජාවාරම්කරුවන් වර්තමාන ජනාධිපතිගේ මැතිවරණ ව්‍යාපාරයට අතදිගහැර වියදම් කළ අතර එමෙන්ම එළබෙන මහ මැතිවරණයේදී ද ඔවුන්ගේ සහාය අපේක්ෂාවෙන් පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රභලයින් මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් සඳහා දැඩි බලපෑම් එල්ලකරමින් සිටින බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button