දේශපාලන

“අතීතයට දොස් එපා…. මා රට හදන්නම්, වගකීම භාර ගත්තේ රට වැටී ඇති බව දැනගෙනයි”

- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

අතීත පාලකයන්ට දොස් නැගිය යුතු නැති බවත්, ඒ සියලූම බාධක ජය ගෙන තමන් රට ගොඩ නගන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තමන් ජනපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් බවත් එම නිසා එම වගකීම පිළිබඳ නිසි අවබෝධයක්ද තමන් සතු බවත් ඔහු සඳහන් කළේය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ඇමතූ අවස්ථාවේදී ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ ජය අපේක්ෂාවෙන් සැකසූවක් නොවේ. එය විද්වතුන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් සමග වසර ගණනාවක අධ්‍යයනයකින්, ජනතා මෙහෙවර වෙනුවෙන් සම්පාදනය කළ එකක්. බොහෝ ආයතන වසර ගණනාවක සිට හුදෙක් රැකියා සපයන ස්ථාන බවට පත්ව තිබෙනවා. මේ අයුරින් රට ඉදිරියට ගෙන යා නොහැක. ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. පවතින ක්‍රම වෙනුවට නව මඟක් ඔස්සේ බිඳ වැටී ඇති ආයතන ගොඩනැගීමට පියවර ගත යුතුයි.”

යැයි සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button