දේශීය

“ආණ්ඩුව කියන තැන්වල උද්ඝෝෂණය කරන්න…. නැත්තම් විරුද්ධව පියවර ගන්නවා” – පොලිසිය

කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආසන්නයේ මෙම ස්ථානය වෙන්කර තිබේ. පොලීසිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මෙම ස්ථානය නම් කර ඇති බව සඳහන්.

උද්ඝෝෂණ නිසා ඇතිවෙන වාහන තදබදය නැවැත්වීමේ අරමුණින් මෙය හඳුන්වා දුන් බව පොලීසිය පවසයි. එසේම පොලීසිය පවසා ඇත්තේ මහජනතාවට කරදරීවන පරිදි සහ වාහන තදබදයක් ඇතිවෙන ආකාරයට කුමන හෝ විරෝධතාවයක් පැවැත්වුවහොත් එයට විරුද්ධව පියවර ගන්නා බවයි. මීට අමතරව ඉදිරියේදී කොළඹ පුරහල අසල ප්‍රදේශයක්ද මේ ආකාරයට උද්ඝෝෂණය කිරීමේ ස්ථානයක් ලෙස නම් කිරීමේ සැලසුමක් ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button