සමාජ

එක තැන රැඳුනු HND අරගලය

උසස් තාක්ෂණ ආයතන (HND) සිසුන් ඊයේ දින(05 )ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිටදි විරෝධතාවක් පවත්වන ලදී.

ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති උසස් තාක්ෂණ ආයතන, නවොත්පාදන හා තාක්ෂණ අමාත්‍යංශය යටතට පවරා ගැනිිමට එරෙහිව හා ඩිප්ලෝමා පාඨමාලාව උපාධියක් දක්වා උසස් කරන මෙන් ඉල්ලමින්ය. මෙතෙක් කල් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති HNDපාඨමාලා ඉන් ගලවා නවෝත්පාදන අමාත්‍යංශයට පවරා ගැනීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇත. උසස් පෙළ සමත් සෑම ශිෂ්‍යයෙකුටම සරසවි වරම් ලබා දෙන බව හා රැකියා වෙළඳපොළ අරමුණු කරගෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව පැවසු ආණ්ඩුව දැනට උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති HNDපාඨමාලා ඉන් ඉවත් කිරිම හා විෂය නිර්දේශය යාවත් කාලීන නොකිරීම ඔවුන්ට සිදු කරනු ලබන අසාධාරණයකි. HND ශිෂ්‍යයින් බොහෝ කලක් තම ඉල්ලිිම් ඉදිරිපත් කලද ඔවුන්ට මේ දක්වා සාධනීය පිලිතුරක් ලැබි නොමැති බැවින් ඔවුන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබා දීම ආණ්ඩුවට හිමි වගකීමකි.


ජෙහාන් පිරිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button