දේශීය

ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර රුපියල් 1000ක් පැහැරගෙන යයි

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රී රෝද රථ රියදුරකු සමග පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, ත්‍රී රෝද රථ රියදුරුට උල් ආයුධයකින් ඇන ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් 1000ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව ජා-ඇල පොලීසිය පවසයි.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා ජාඇළ පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් විසින් රෝහල් ගතකිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ රාගම රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 67 හැවිරිදි ඔහු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වි නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button