දේශීය

සිංහරාජය උදෙසා ජන පවුර

සිංහරාජ වැසිවනාන්තරයේ කුඩව පිවිසුමේ සිට ඇතුළට මහත් පරිසර හානියක් සිදු කරමින් ඉදිවෙමින් තිබූ මාර්ග ව්‍යාපෘතිය පිලිබඳව ලෝක බැංකුවේ inspection penal වෙත පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කල පැමිණිල්ල පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා සිදුවිය.

මෙම ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කල ව්‍යාපෘති වාර්තාවක් අනුව ලෝක බැංකු ණය මුදලක් මගින් සිදුවෙමින් තිබුණි.

සිංහරාජය උදෙසා ජන පවුර, සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, හුස්මට හුස්මක් පරිසර සංවිධානය, සිංහරාජ සුමිතුරෝ, පරිසර හිතකාමී පුවත්පත් කලාවේදීන්, අලුත් පියාපත්, ඇත්ත පුවත්පත, ලංකා පුවත්පත, ලංකාදීප පුවත්පත, නලු නිලියන් ඇතුලු කලාකරුවන්, පරිසර හිතකාමී පුරවැසියන්, ආගමික නායකයින් ඇතුළු මෙකී නොකී බොහෝ පරිසරයට ආදරය කරන මිතුරන් ගේ මැදිහත්වීමෙන් එම වෑයම තාවකාලිකව නවතා ගැනීමට හැකිවිය.

පසුගිය ජනවාරි 29/30 දෙදින තුළ අපගේ පැමිණිල්ල සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ශාවක් සඳහා ලෝක බැංකු නියෝජිත පිරිසක් සිංහරාජය වෙත පැමිණි අතර, එම ක්ෂෙත්‍ර පරීක්ෂාවේදී වනයට හා එහි වසන්නන්ට සිදුවී ඇති හානිය හොඳින්ම පැහැදිලි විය.

මේ පිලිබඳව අප කල පැමිණිලි, වීඩියෝ, ඇතුළු සියලු ලිපිලේඛන ඔවුනට ලබා දුන් අතර, ඔවුන්ගේ වාර්තාව දින 10 තුල ලබා දෙන්නට ඔවුන් පොරොන්දු විය.

අවුරුදු මිලියන 150 කට වඩා පැරැණි, ප්‍රාථමික වැසි වනාන්තරයක් වන සිංහරාජයේ වටිනාකම නොදන්නා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, සහ ලංකාවේ රජය තව දුරටත් මේ විනාශයන් සිදු කිරීමට ඊනියා සංවර්ධනයේ මුවාවෙන් පිඹුරුපත් සකසමින් සිටී.

මිතුරණි, අද දවසේ අපේ වගකීම මේ හුස්ම පොද, මේ වතුර බිංදුව හෙට දවසේ දුවා දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීම නොවන්නේ ද?

ඔක්සිජන් විකුණන කොළඹ නගරයක් දකින්නට නොලැබේවායි පතමින්, මේ සද්කාර්‍යයට උරදුන් මිනිසුනි….

සටන අත් නොහරිමු…!


චමින්ද ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button