දේශීය

“කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැකකරුවකු සමඟ සිටීම වැරදියි”

- විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඡායාරූපවලට පෙනී සිටීම එහි සාක්කිකරුවන්ට කරන බලපෑමක් බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන කියයි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල සාක්කිකරුවෙකි.

ඔහු මේ බව ප්‍රකාශ කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයාට යැවූ ලිපිය පහත දැක්වේ.


2020 අප්‍රේල් 12

කීර්තිමත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමනි,

මම මේ පණිවුඩය ලියන්නේ මුළු ලෝකයම ගෝලීය වසංගතයක් නිසා ව්‍යසනයකට පත්ව සිටින සහ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු සුවපත් වෙමින් සිටින විවිධ ආගම් සහිත මෙම සුන්දර දූපත මුහුණ දීමට සිදුව තිබෙන ඉතා කනගාටුදායක තත්වයක් අතරතුරදීය.

මෙම ඛේදවාචකයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස මා ඉදිරිපත් වූයේ වසර 40 ක් තිස්සේ පොලිසියේ නොකැළැල් සේවයක් කළ සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ය.

2019 දී මා විශ්‍රාම යන තෙක් උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා සිවිල් සේවයේ දශක 4 ක් සේවය කර ඇත.

පසුගිය වසරේ පාස්කු ඉරිදා කටුවාපිටියේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ………. සමඟ ඔබ මුණගැසී සිටි අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල මෑතකදී පළ විය.

2019 අප්‍රේල් 8 වැනිදා හෝ 9 වැනිදා ඔහු ප‍්‍රහාරය ගැන දැන සිටි අතර අහිංසක සිවිල් වැසියන් මරණයෙන් හා අප්‍රේල් 21 සිදුවූ ව්‍යසනයෙන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගෙන නිහඬව සිටියේය.

ඇත්ත වශයෙන්ම මෙම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ පසුබිම විස්තර කිරීම සඳහා ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු ලෙස මා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ………. ට එරෙහිව පොලිසිය විසින් ද විමර්ශනයක් සිදු කරමින් සිටී.

මේ අතර ඔහු ඔබට කතා කරන්නේ ඔහුගේ මෝඩකම් වසන් කිරීමටය,

අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාර⁣යට වගකිව යුතු චූදිතයකු සමග ඔබ සංවාදයක සිටිද්දී මේ රටේ කිතුනුවන් සිටිය යුත්තේ කොතැනද?

මා මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී ඇති නිසා මම මේ ගැන කම්පාවට පත් වෙමි, ………. ඔහුගේ වර්තමාන තනතුර ඔබට ප්‍රවේශ වීමට යොදා ගනී.මේ සමඟ ඔහු ඉතා ක්‍රමානුකූලව මහජනයා නොමඟ යවන අයුරින් පොලිසිය සහ සිවිල් සාක්ෂිකරුවන් අධෛර්යමත් කරයි.

මගේ ප්‍රකාශයේ දී මම පැහැදිලිවම චෝදනා කර ඇත්තේ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ………. සිය රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම රටේ ස්වෛරීභාවයට හා පොලිස් බලකායට විශාල බලපෑමක් ඇති කරන බවයි.

මේ මොහොතේ ඔබ මෙම වැරදිකරුවන් සමග සිටීමෙන් මේ පාස්කු ඉරිදා දිනට වසරක් ගතවෙන පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි පූජා කළ කිතුනු සිවිල් වැසියන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවනු ඇත.

ඔබ ඉදිරියේම මෙවැනි තත්වයක් ඇතිවීම ගැන මගේ මනස නොසන්සුන් වී තිබේ.

අපේ සුන්දර රටේ කිතුනු ප්‍රජාව අතරමං වූ මෙම ඛේදවාචකය ගැන මම ඇතැම් විට වික්ෂිප්තවත් ව්‍යාකූල වීත් සිටිමි.

මම ඔබට හොඳ සෞඛ්‍යයක් හා ආශීර්වාදලත් පාස්කුවක් ප්‍රාර්ථනා කරමි.

පාලිත සිරිවර්ධන – විශ්‍රාමික නියොජ්‍ය පොලිස්පති


  • අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නමට හිස්තැනක් තබා ඇත්තේ, ඔහුගෙන් මේ පිළිබඳව අප විසින් අදහස් නොවිමසු හෙයින්, එසේ නම සඳහන් කිරීම සදාචාරාත්මක නොවන නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button