ශාස්ත්‍රීය

සියැටල් මිත්‍රයා…. ඔබ විශ්වීයයි. ඇත්තටම අපි ගෝත්‍රිකයි….

අපි ව්‍යවහාරිකව හා සමාජ සම්මුති අර්තයෙන් ගෝත්‍රිකයා කියල කියන්නෙ නූගත්, socialization නොවූ, ගස් ගල් අදහන, සතුන් මරාගෙන පුච්චල කන, පොදු නීතියෙන් බැරහැර වූ උපසංස්කෘතිකව ජිවත් වන වනාන්තර ආශ්‍රිතව ජිවත් වන පිරිසකට.

දැන් සියැටල් වගේ අයත් හදුවන්වල තියන්නෙ ඒ අර්ථයෙන්මයි.

නමුත් සියැටල්ගෙ චින්තනය හා සියැටල්ලගෙ පරම්පරාවෙ අපෙක්ෂා හොදින් ගවේශනය කලාම පේනවා, ගෝත්‍රික කියල අපි යොදන අර්තයේ යම් වැරදි සහගත මිම්මක් තියන බව.

සියැටල් ගෙ පරම්පරාව ගෝත්‍රික ද කියල මට ප්‍රශ්නයක් තියනව.

සියැටල්ලගෙ භාවිතාවන් අනුව “ගෝත්‍රික” කියන යෙදුම නූතන තන් වැසියාට (sophisticated modern man) වඩා දියුණු බවක් පේනව. මේ සටහන තුලින් සාකච්ඡා කරන්නෙ සියැටල් කියවිම තුළ ඔබට හැකිද, ඔවුන් සම්මුති අර්තයෙන් ගෝත්‍රිකයි කියල කියන්න.

ශත වර්ෂ ගානක් පුරා ශිෂ්ටාචාර ගත වෙමින්, කාර්මික විප්ලව හරහා ලෝකයේ අති දියුණු තලයක ස්ථානගතව අතැයි කියන දියුණු රටවල් හා සමාජ,
සමස්ථ සොබාදහම විකෘති කරන කාලයක.

ශතවර්ෂ ගානකට පෙර සියැටල් ලා සමස්ත සොබාදහම වෙනුවෙන් පෙනීසිටියා. සොබාදහමේ ප්‍රකෘතිය වෙනුවෙන් පෙනී සිටියා.

දැන් එතකොට මම අහන්නෙ අර ගෝත්‍රික කියන වචනයේ අර්ත ගැනිවීම වඩාත් අදාල කාටද…?

මම කියන්නෙ සියැටල්ලට තිබුණා අපට වඩා දියුණු ප්‍රකෘති චින්තනයක් සහ භාවිතයක්. එහෙම බලනකොට චින්තනය අතින් ගොඩක් විකෘති වූ සමාජ ක්‍රමයක් අප සතුයි. එනිසා සම්මුති ගෝත්‍රික අර්ථයෙන් අපි සියටැල්ලට වඩා නොදියුණුයි.

න්‍යෂ්ටික ලෝකය හා විද්‍යාවේ ගෝත්‍රික හැරවුම් න්‍යායයට (මිනිසාගේ පැවැත්මට එරෙහි දැනුම් නිෂ්පාදනය) සියටැල්ලගේ දුන්නක ඊතලයක තිබුන ශික්ෂනය ගැවිලාවත් නැහැ.

එනිසා සොබාදහමත් මිනිසාත් එක මොහොතක අළු කල හැකි බල අරගලයක ඉන්න සමාජයක් දියුණු සමාජයක් වෙනවා ද…?

ආගමක් වෙනුවෙන්⁣, දේශපාලනය වෙනුවෙන් අනෙකාට කුමන්ත්‍රණය කරන මමත්වයෙන් පිරුණු සමාජ දියුණු සමාජ වෙනවා ද…?

ඊර්ශියාවෙන් හා දැඩි ආත්ම අභිමානයෙන් පෙළෙන, මිනිස්සු වෙසෙන සමාජ දියුණු සමාජ වෙනවා ද…?

ලෝකයේ මිනිස් ක්‍රියාකාරකම් වල දියුණු නොදියුණු කම මැන බැලිය යුත්තේ, මිනිසා සහ සොබාදහම අතර ඇති ගනුදෙනුව මත බව මගේ අදහසයි.

බුද්ධ සහ ක්‍රිස්තුන්ගේ පණිවුඩය මිනිසා වෙත ගලා එන්නේ සොබාදහම මතින් බව, නූතන අධ්‍යාපන පද්ධතීන් නොදනී.

එනිසා මගේ අදහස නම් ජිව අජීවී විෂය ලෝකයට හිතානුකම්පිත වන්නා ශික්ෂාකාමියාය. ජිව අජිවි ලෝකය තුළ මමත්වය ස්ථාපිත කරමින්, සොබාදහමට අභියෝග කරන්නා ගෝත්‍රිකයාය.


අමිල ජයකොඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button