දේශීය

ගෝඨාභය හිටිහැටියේ සිරකරුවන් 2961ක් නිදහස් කළේ ඇයි?


ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ සිරකරුවන් 2961 ‌දෙනකු නිදහස් කිරීමට පියවර ‌ගෙන තිබුණා.

ඉකුත් ‌පෙබරවාරි 10 වන දින බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ සංචාරයකින් පසු ජනාධිපතිවරයා කියා සිටියේ සුලු වැරදි කර දඩමුදල් ‌ගෙවා ගත ‌නොහැතිව බන්ධනාගාරගතව සිටින පිරිස් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

නමුත් ඒ අතර මිරුසුවිල් හි දෙමළ භාෂාව කතා කරන නිරායුධ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වූ සුනිල් රත්නායක නම් හමුදා නිලධාරියාවද නිදහස් කර තිබුණා. එය සුලු වරදක් හෝ  හෝ දඩ මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයක් නොවේ.

එම ඝාතකයා නිදහස් කිරීම සම්බන්ධ ලිපිය – ‘මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු’ සුනිල් රත්නායක නිදහස් කෙරේ….

කෙසේ වෙතත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම facebook පිටුවෙහි සටහනක් තබා තිබුණා.

“2020.02.10 දින මාගේ විසිත්ත කිරීමෙන් පසු පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරිණි.

මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර ඇත. මා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී රැඳවියන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට මෙම කමිටුව පත් කෙරිණ.

මාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කෙරිණ.

දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණ ද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පැවසීය.

බන්ධනාගාරවල සිරකරු ධාරිතාව දසදහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගත් අතර මුදාහල පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කරමි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button