දේශීය

“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ නොතකමින් කොරෝනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කරද්දී රෝගය ආසාධිත පුද්ගලයන් තමන් සමාජයෙන් කොන් වේයැයි බියෙන් වෛද්‍ය උපදෙස් නොගෙන සැඟවී සිටීමට උත්සාහ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ, COVID-19 සම්බන්ධ වාර්තා කරණයේ දී භාවිත කළ යුතු නිර්දේශ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමිනි.

නිරෝධායකයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් හෝ මරණ ගැන වාර්තා කිරීමේ දී කිසිවිටකත් ඔවුන්ගේ ජාතිය හා ආගම සඳහන් නොකරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කරයි.

වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන ඔහු කළ නිර්දේශ පහත දැක්වේ.

1. සෑමවිටම කෝවිඩ් 19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිත කරන්න.

2. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් / රෝගීන් සහ මරන වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.

3. වයිරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වළකින්න.

4. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.

5. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් හා රෝගීන්ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.

6. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර භාවිතය යෝග්‍යය.

7. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.

8. මෙම කෝවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබාදෙන්න

එම ලිපිය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button