දේශීය

වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන්, වතු කම්කරුවෝ සටනට

වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ ඊයේ(30) විරෝධතාවයක නිරත වී තිබේ.

තමන්ට වැටුප් අත්තකාරම් මුදල්ද මෙසේ අඩුවෙන් ලබාදීම හේතුවෙන් විශාල දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසයි. තලවකැලේ – ඩයගම මාර්ගය අසලට ආගරපතන ප්‍රදේශයේදී එක්රැස් වූ මෙම පිරිස විරෝධතාවයේ නිරතවී පසුව විසිර ගොස් තිබේ.

කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාව අතර වතු කම්කරු ජනතාව ඉදිරියෙන්ම සිටියි. ඉතා අඩු වැටුපකට හිමිකම් කියන වතු කම්කරුවන්ට මේ දින කිහිපයේ ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රවය රැස්කර ගැනීමට අවශ්‍ය වේ. එම නිසා ඔවුන්ගේ වියදම් අධික වනවා මිස වියදම් අඩු වීමක් නැත. ඊට අමතරව දිනපතා වැටුප් ලබන වතු කම්කරු ජනතාවට ඇඳිරි නීතිය හේතුවෙන් තම ආදායම් මාර්ග අහිමි වී තිබේ. එවැනි තත්ත්වයකදී වතු සමාගම් කළ යුත්තේ ඔවුන්ට පඩි සහිත නිවාඩුවක් ලබාදීම මිස ඔවුන්ට ලැබිය යුතු වැටුපත් කප්පාදු කිරීම නොවේ. එසේම ආණ්ඩුවේ වගකිව යුතු අංශද මෙම ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි නෑසු කන්ව සිටිනු දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button