දේශපාලන

කොරෝනාවලට එරෙහිව ආණ්ඩුව ගන්නා සියලු පියවරවලට UNPයේ කොන්දේසි විරහිත සහාය

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර සදහා කොන්දේසි විරහිතව සහාය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදනය කිරිමට පියවර ගන්නා ලෙසයි.

ගෝලීය වශයෙන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගැනිමේ දී මෙය සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි කාරණයක් බව පවසන රනිල් වික්‍රමසිංහ විශේෂයෙන් සමාජ දුරස්ථකරණය තවදුරටත් පවත්වාගෙන යාම අතිශ්‍ය වැදගත් බව පෙන්වා දෙයි.

සෞඛ්‍ය අංශ පවසන පරිදි අප්‍රේල් මස 04 වනදා සිට 11 වනදා දක්වා මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ උපරිමයට ලඟාවිය හැකි බැවින් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button